විදේශ කටයුතු අමාත්‍ය හා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති අතුල් කේශාප් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සෞඛ්‍ය කඳවුර සංවිධානය කර තිබුණි. "ශාන්තිකර සහයෝගීතාව 2017" යටතේ ශ්‍රී ලංකා හා එක්සත් ජනපද නාවික හමුදා නිලධාරීන්ගේද සහභාගීත්වයෙන් සෞඛ්‍ය කඳවුර ක්‍රියාත්මක වූ අතර ඒ සඳහා ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.