රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් මහතාගේ ආරාධනයක් අනුව ජනාධිපතිතුමා මාර්තු 22 දා සිට 25 වැනි දින දක්වා රුසියාවේ නිල සංචාරයෙහි යෙදෙන අතර එම කාලය තුළ රුසියානු රජය සමඟ විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සහයෝගිතාව, අපරාධ මර්දනය, හා පොලිස් සහයෝගිතාව, සංස්කෘතික ක්ෂේත්‍රයේ සහයෝගිතාව සහ ධීවර ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ ගිවිසුම් 4කට ද අත්සන් තබනු ඇත.