මල් වගාකරුවන් දස දහසක් පමණ ජීවනෝපාය වශයෙන් මල් වගාව සිදුකරගෙන යන බවත් ඉහළ ආදායමක් ලබාගත හැකි මල් වගාකිරීම දිවයින පුරා ව්‍යාප්ත කිරීම සඳහා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව වැඩසටහන් කිහිපයක්ම මේ වන විට ආරම්භ කර තිබෙන බවත් ඇය පෙන්වා දුන්නාය.
නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා මොණරාගල සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවති උත්සවයකට සහභාගිවෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර
දේශිය මල්වගාකරුවන් දිරිමත් කිරීම වෙනුවෙන් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ හා නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මියගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව මගිනි.
මොණරාගල දිස්ත්‍රික්කයේ මල් වගාකිරීමේ සමිතිවල නියෝජිතයින්ට සෙවණ දැල් හා මල් පෝච්චි ප්‍රදානය කිරීම සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය අතින් මෙහිදී සිදුකෙරිණි.
දේශිය මල්වගා කිරීම තුළින් ආදායම් විශාල වශයෙන් උපයාගන්නා ආකාරය පිළිබඳව මල් වගාකිරීමේ සමිතිවල නියෝජිතයින් දැනුවත් කිරීම ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙහිදී සිදු කර තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිරසර සංවර්ධන හා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය කියා සිටියේ මල් වගා කරුවන් දිරිමත් කිරීම සඳහා මල් අපනයනකරුවන් ඔවුන්ට සම්බන්ධකරදී මල්වගාකරුවන් හා මල් අපනයනකරුවන් අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ වැඩපිළිවෙලක් ගැනද මේ වනවිට අවධානය යොමුකර තිබෙන බවයි.
මල්වගා කිරීම තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගාගන්න පුළුවන්. එසේ ආර්ථිකය ගොඩනගාගත් සැළකිය යුතු පිරිසක් ඉන්නවා.
විනෝදාංශයක් වශයෙන් මෙන්ම ජීවනෝපාය වශයෙන්ද මල් වගා කරන්න පුළුවන්. විනෝදාංශයට මෙන් ආරම්භ කළත් දැනට එය ජීවනෝපාය කරගත්තු සැළකිය යුතු පිරිසකුත් ඉන්නවා.
මල්වගාකරුවන් දිරිමත් කරන්න එම කර්මාන්තයට අලුතින් පිරිස් එක්කරගන්න අපගේ අවධානය යොමුවුණා.
අලුතින් මල්වගාවට එන පිරිස් ලියාපදිංචි කිරීම ඉතාම වැදගත්. මීට අමතරව දැනට ලියාපදිංචි නොවී 3500 ක් පමණ පිරිසක් මල් වගාකිරීමට එක්ව සිටිනවා. දැනට ලියාපදිංචි වී සිටින මල් වගාකරන්නන්ගේ සංඛ්‍යාව 6,500 ක් පමණ වනවා. ලියාපදිංචි නොවූ පිරිසත් එක්වූ විට මල් වගා කිරීමේ කර්මාන්තයට මුළු රටපුරා එක්ව සිටින ප්‍රමාණය දස දහසකට අධිකයි.
මෙම ලියාපදිංචි නොවී සිටින මල්වගාකරුවන් කඩිනමින් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක්ද ආරම්භ කරන ලෙසට ජාතික උදභිද උද්‍යාන දෙපාර්තමේනතුවට මං මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි.
මල් වගාකරුවන්ට අවශ්‍ය දැනුම, ප්‍රායෝගික පුහුණුව පමණක් නොවෙයි, සෙවණ දැල් ලබාදීම, මල් පෝච්චි ලබාදීම සිදුකරන්නේ කිසිදු අයකිරීමක් තොරවයි. එය මල් වගාකරුවන් දිරිමත් කිරීමේ අරමුණෙන් සිදුකරණු ලබන්නේ සේවාවක් විදියට.
පිරිමි පාර්ශවයත් මල් වගා කිරීමට යම් උනන්දුවක් දක්වන බවක් පේනවා. මල් වගා කිරීමේ නිරතව සිටින පිරිසෙන් කාන්තාවන් 6 දෙනෙකුට පිරිමි එක්කෙනෙකු බැගින් මල් වගා කරන බවට තොරතුරු වාර්තා වෙනවා.
මොණරාගල දිස්ත්‍රික්කයෙන් අද ආරම්භ කෙරෙන මෙම වැඩසටහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා. දැනටමත් ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව මගින් මල් වගාකරුවන් දිරිමත් කිරීමේ අරමුණෙන් වැඩසටහන් කිහිපයක්ම ආරම්භ කර තිබීම සතුටට කරුණක්.
මල් වගාකිරීමට වයස් බේදයක් නැහැ.පාසැල් දරුවන් ද මල් වගා කිරීමේ වැඩසටහන්වලට සම්බන්ධ කරගත හැකියි. පාසැලේ හොඳින් මල් වගා කරන දරුවන්, ගුරුවරුන් දිරිමත් කිරීමේ වැඩසටහනක්ද ළඟදීම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා. පාසැල් දරුවාගේ සිටම ගහකොළට, පරිසරයට, සතා සිවුපාවාට ආදරය කරන දරුවෙක් බිහිකිරීම ඉතාම වැදගත්. මිනිසාගෙන් සිදුවන බොහෝ පරිසර විනාශයන් වළක්වාගැනීමට නම් පාසැල් කාලයේ සිටම පරිසරයට ආදරය කරන දරුවෙක් බිහිකිරීමට කටයුතු කිරීම ඉතාම වැදගත්.
2016 වසරේදී මල් අපනයනය කිරීම තුළින් අපේ රට ඇමෙරිකානු ඩොලර් මිලියන 13.6 ක් උපයාගෙන තිබෙනවා. 2015 වසරේදී එම ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 13.9ක්, ඒ අනුව 2016 වසරේදී මල් අපනයනය කිරීමෙන් ලැබෙන ආදායමේ යම් අඩුවීමක් දක්නට ලැබෙනවා. ඊට බලපා තිබෙන හේතු සොය බලා මෙම වසරේදී මල් අපනයනයෙන් රටට ලැබෙන ආදායම වැඩිකරන්න අපගේ අවධානය යොමුවී තිබෙනවා.
පත්‍රිකා ශාඛ, කොළ, ඕකිඩ්, ඇන්තූරියම්, රෝස, කානේෂන් මල්වලට විදේශ රටවලින් වැඩි ඉල්ලුමක් තිබෙනවා. අපේ රටේ මල් වැඩිපුරම මිලදී ගන්නේ නෙදර්ලන්තය. ඊට පසුව මිලදී ගන්නේ ජපානය. මැදපෙරදිග රටවලටත් සැළකියයුතු මල් ප්‍රමාණයක් අපනයනය කරනු ලබනවා.
දේශිය වශයෙන් මල් මිලදී ගැනීම සැළකිය යුතු මට්ටමෙන් ඉහළ ගොස් තිබෙනවා. ඊට හොඳම උදාහරණය මල් පුහුණු පංති පැවැත්වීම මේ වන විට 20% කින් 30% කින් පමණ ඉහළ ගොස් තිබෙන බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
මංගල උත්සව ඇතුළු විවිධ උත්සව අවස්ථා සඳහා ඒවගේම හෝටල්වල අලංකරණය සඳහා දේශිය වශයෙන් මල් ඉල්ලුම වැඩි වී තිබෙනවා. එම ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීමේදී මල් වගාකරුවන්ගේ නිෂ්පාදන සඳහා හොද වෙළඳ පොළක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා.
මල් වගා කිරීමට අලුතින් එක්වන පිරිසට වගේම දැනට මල් වගා කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින පිරිස්වලට ඉහළ ආදායමක් ලබාගන්න පුළුවන්. අපේ රටේ දේශගුණය අනුව වගාකරන මල්වලට විදේශ රටවලින් විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම දේශිය වශයෙන් මල් සඳහා විශාල වෙළඳ පොළක් නිර්මාණය වී තිබෙන බවත් දක්නට ලැබෙනවා.
මල් වගාවක් ආරම්භ කිරීම ඉතා හොඳ ආයෝජනයක්. මල් වගාවක් ආරම්භ කළා කියලා, එක පාරටම ආදායමක් ලබාගන්න බැහැ. ඒක තේරුම්ගතයුතුයි. සාමාන්‍යයෙන් මල් වගාවක් ආරම්භ කරලා හරියට සාත්තු කරගෙන අවුරුද්දක් දෙකක් කරගෙන ගියොත් ආදයම් ලැබෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දිගටම ආදායම් ලබන ගමන්ම මල් වගාව වැඩි දියුණු කරගන්නත් පුළුවන්.
මල් වගාකරුවන් අතරමං වන තත්වයන්ද අපට වාර්තා වෙනවා. ඔවුන් නිසි වෙළඳ පොළකට සම්බන්ධිකරණය කිරීම, මල් අපනයන කරුවන් හා මල් වගාකරුවන් අතර නිවැරදි සම්බන්ධතාවක් ගොඩනැගීම වැනි කරුණු කෙරෙහි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව අවධානය යොමු කරාවි. මල් වගාකරුවන් හා මල් අපනයනකරුවන් අතරේ යම් අවබෝධතා ගිවිසුම් ඉදිරියේදී අත්සන් කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් හදුන්වාදෙන්නත් අප බලාපොරොත්තු වෙනවා.
විනෝදාංශයට මල් වගා කිරීමෙන් විශාල මානසික තෘප්තියක් ලබාගන්න පුළුවන්. එය යහපත් සෞඛ්‍යයටත් බලපානවා. ඒ වගේම තමන්ගේ ආර්ථිකයටත් වාසියක් සලසාගන්න පුළුවන්. විනෝදාංශයට , ආත්ම තෘප්තිය ලබමින් ආර්ථිකය සරුකරගන්න තිබෙන හොඳම ව්‍යාපාරයක් වශයෙන් මල් වගාකිරීමේ කර්මාන්තය හඳුන්වන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය ඔබ සියලුම දෙනාට ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනවා. ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේනතුවේ අධ්‍යක්ෂ ජනරාල් යාපා නානායක්කාර මහතා ඇතුළු එම කාර්යය මණ්ඩලයට මගේ විශේෂ ස්තුතිය ප්‍රකාශ කරනවා. යනුවෙන්ද සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (තාක්ෂණ හා ප්‍රචාරක) ආචාර්ය ෂෙලොමි ක්‍රිෂ්ණරාජා මෙනවිය, සහකාර අධ්‍යක්ෂ ( මල් වගා පර්යේෂණ) එම්. ඩී. ජේ. සේනාරත්න, මිරිජ්ජවිල වියලි කලාපීය උද්භිද උද්‍යානයේ වැඩසටහන් සහකාර මයුරි පීරිස් යන මහත්ම මහත්මීහු මොණරාගල දිස්ත්‍රික්කයේ මල් වගාකරන්නන්ගේ සමිතිවල නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.