සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රමිතියක් නැතිව ගිනිපෙට්ටි හැදූ නිට්ටඹුව කර්මාන්ත ශාලාවකට මුද්‍රා තබයි

    මාර්තු 10, 2017

    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්ව සහතිකය නොමැතිව ගිනිපෙට්ටි නිෂ්පාදනය කර බෙදාහරින කර්මාන්තශාලාවකට ඊයේ (09) සවස නිට්ටඹුවේ දී මුද්‍රා තැබූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

    මෙලෙස මුද්‍රා තබා ඇත්තේ නිට්ටඹුව පනාවල පිහිටි කර්මාන්ත ශාලාවකි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(1) වගන්තියට අනුව ගිනිකූරු නිෂ්පාදනය කර පෙට්ටිවල අසුරා අළෙවි කිරීමේ දී එයට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්ව සහතිකය තිබිය යුතුය. මෙම කර්මාන්තශාලාව පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය නොමැතිව ගිනිපෙට්ටි නිෂ්පාදනය හා අළෙවි කළ බවට පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව මේ වැටලීම සිදුකර තිබේ.
     
    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ එහි නිලධාරීන් ගොස් කර්මාන්තශාලාව පරීක්ෂා කිරීමේ දී තත්ත්ව සහතිකය නොමැතිව නිෂ්පදානය කළ රුපියල් 120,480ක් වටිනා ගිනි පෙට්ටි 28,080 ක් අත්අඩංගුවට ගෙන කර්මාන්තශාලාවට මුද්‍රා තැබූ බවයි.
     
    2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(1) වගන්තිය අනුව 2012 ජනවාරි මස 27 වැනි දින නිකුත් කළ අංක 1742/27 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රෙය් මෙසේ දැක්වේ.

    ‘‘දේශීයව නිෂ්පාදනය කරනු ලබන පෙට්ටිවල අසුරණ ලද ආරක්ෂිත ගිනිකූරු, කිසිම නිෂ්පදාකයකු, බෙදාහරින්නකු හෝ වෙළෙන්දකු විසින් තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරනු ලබන පහත සඳහන් එස්.එල්.එස්. භාණ්ඩ සහතික ලාංඡනය දරන්නේ නම් මිස එකී පෙට්ටිවල අසුරණ ලද ආරක්ෂිත ගිනිකූරු නිෂ්පාදනය කිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතුය.“

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා කියා සිටියේ ජනතාවට හානි සිදුවිය හැකි නිෂ්පදාන කෙරෙහි වඩාත් සැළකිලිමත්වන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා විසින් ලබාදුන් උපදෙස් මත මෙම වැටලීම සිදුකළ බවයි. එවැනි පුද්ගලයන්ට හා ආයතනවලට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍ය බදුයිදීන් මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නියෝග කර ඇතැයි ද සභාපතිවරයා කීය.
     
    ගිනිකූරු නිෂ්පාදනයේ දී එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය අනිවාර්යයෙන් ම තිබිය යුතු අතර එසේ ප්‍රමිති සහතිකය නොමැතිව ගිනිකූරු හෝ ගිනිපෙට්ටි නිෂ්පාදනය කර බෙදාහැරීම, අළෙවි කිරීම හා ප්‍රදර්ශනය කිරීම පාරිභෝගික නීතියට අනුව වරදක්.

    පාරිභෝගික නීති කඩකරන කර්මාන්තශාලා සහ වෙනත් නිෂ්පාදන ආයතන පිළිබඳ තොරතුරු ඇත්නම් 1977 අංකයට දැනුම් දෙන
    පාරිභෝගික අධිකාරිය පවසන්නේ ලබන 17 වැනිදා මෙම කර්මාන්තශාලාවට එරෙහිව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya