සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරකාපොල මාර්ග තදබදයට විකල්ප මාර්ගයක්

    මාර්තු 10, 2017

    වරකාපොල මාර්ග තදබදයට විකල්ප මාර්ගයක් සකස් කිරීමේ තිරණයක් ගත් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    කොළඹ නුවර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින වරකාපොල  නගරය මගහැර ගමනාගමන කටයුතු සිදුකිරීමට විකල්ප මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් පැවති නිරීක්ෂණ චාරිකාවකට සහ රැස්වීමකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    "ඉතා වැදගත් තීන්දු කීපයක් ගැනීම සඳහායි අද අපි  එකතුවුණේ. එකක් ජාතික තීන්දුවක්. අනෙක පළාත් දෙකකට බලපාන තීන්දුවක්. අනෙක ප‍්‍රධානතම නගරයක්වූ වරකාපොලට බලපාන තීන්දුවක්. ජාතික ප‍්‍රශ්නය තමයි කොළඹ නුවර මාර්ගයේ ප‍්‍රධාන ගැටළුවක් බවට පත්වෙලා තිබෙන වරකාපොල නගරයේ මාර්ග තදබදය. වරකාපොල නගරය පසුකරගෙන යනවානම් විනාඩි 45ක් වැඩිපුර තියාගෙන යන්න කියලා ප‍්‍රධාන සිතියම්වල ලකුණු වෙලා. ඒ තරමටම වේලාව නිකරුණේ ගතවෙන නගරයක් බවට වරකාපොල නගරය පත්වෙලා.

    "අපි කිව්ව දෙවෙනි කාරණය තමයි පළාත් දෙකක විශේෂ ප‍්‍රශ්නයක් තිබුණා. බුත්ගමුව දුම්රියපොලට යන අයට සහ ඒ ප‍්‍රදේශයේ අයට වරකාපොල නගරයට ඒමට සැලසුම් කළ පාලමක් ඉදිකිරිම සම්බන්ධව. ඒ සම්බන්ධව අපි තීන්දු තීරණ ගණනාවකට ආවා. ඊලග සංවර්ධන කමිටු රැස්වීමේදී ඒවා අවසන් තීන්දු තීරණ බවට පත්කරනවා. ඒ තුළින් පළාත් දෙකක් එකතු කිරීමේ ව්‍යායාමයට උරදීමටත් අද අපිට හැකියාව ලැබුණා.

    තුන්වන කාරණය තමයි වරකාපොල බස් නැවතුම්පොල. මෙම ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ වුනේ දැයට කිරුළට සමගාමීව. නමුත් එක් පුද්ගයෙකුගේ විරෝධතාවය මත එහි වැඩ නැවතිලා තිබුණා. අපි තීරණය කළා ඒ වැඩ නැවතත් ආරම්භ කරන්න. ඒ නිසා අද අපේ මේ රැස්වීම ජාතික ප‍්‍රශ්නයකට විසඳුම් සෙවීමේ, පළාත් දෙකක් යා කිරීමේ සහ මේ රටේ ප‍්‍රධාන නගරයක ප‍්‍රධාන ගැටළුවක් විසඳීමේ රැස්වීමක් බවට  පත්කරගැනීමට හැකිවුණා" යැයි අමාත්‍යවරයා පැවසීය.

    මෙම අවස්ථාවට වරකාපොල ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු සමසභාපතිවරු වන චම්පික පේ‍්‍රමදාස, ජයසිරි විජේතුංග, වයඹ විපක්ෂ නායක සමන් සෙනරත් යන මහත්වරුන්ද කෑගල්ල දිසාපති, මහලේකම්වරු ඇතුළු රාජ්‍ය නිළධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya