සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රියදුරු පාසැල් ඇති කිරිමට රියදුරු පුහුණු උපදේශකයින් අවශ්‍යයි

    මාර්තු 10, 2017

    ඉදිරියේදි රියදුරු පාසැල් ඇති කිරිම සදහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ බලපත්ලාභි පුහුණු උපදේශකයින් සිටිම අනීවාර්ය බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    රියදුරු උපදේශක බලපත් නොලැබු උපදේශකවරුන් විසින්ද මෙතෙක් රියදුරු පුහුණු කිරිමේ කටයුතු සිදු කරනු ලැබුවද ඉදිරියට එවැන්නක් කිරිමට අවකාශ නොමැති බවත් අමාත්‍යවරයා පවසයි.

    නව තාක්ෂණයට අනුව ප්‍රායෝගික පුහුණුවක් නොලැබු රියදුරන් විවිධ අවිධිමත් ක්‍රම මගින් රියදුරු බලපත්‍රය ලබාගත්තද ඒ තුලින් රියදුරුගේ මෙන්ම මගින්ගේ හා පදිකයින්ගේ ජීවිතද අනතුරේ වැටෙන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි. එම රියදුරන් මාර්ග නීති පිළිබදවත් මාර්ග සංඥා ආදිය අනුගමනය කල යුතු ආකාරය ගැනවත් හරිහැටි දැනුවත් නොමැතිකමින් විවිධ අනතුරු වැරදි සිදු කරන බවද සදහන් කරන අතරම එවැනි වැරදි සදහා දඩ මුදල් වැඩි කිරිමක් සිදු කලද නීති මගින්ම එවැනි වැරදි පාලනය කල නොහැකි බවද ඔවුන්ගේ ආකල්පයම වෙන්කම්ද සිදුකල යුතු බව හෙතෙම තවදුරටත් අවධාරණය කරයි.

    අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා මෙම අදහස් පලකලේ පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සමස්ත ලංකා රියදුරු පාසැල් හිමියන්ගේ වාර්ෂික සම්මේලනයක් අමතමින්ය.

     

    මෙහිදි තවදුරටත් අදහස් දැක්වු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ‘‘ ප්‍රවාහන ක්ෂේත්‍රෙය හා සම්බන්ධව සිටින රියදුරු පාසැල් හිමියන්ද විශාල මෙහෙයක් ඉටු කරමින් සිටිනවා. ඔවුන් එම මෙය සිදු කරනු ලබන්නේ දක්ෂ රියදුරන් බිහිකරලිම තුලින් එහෙත් විශේෂයෙන් අද වන විට ලෝකයේ දියුණු රටවල් රියදුරන් පුහුණු කිරිම සදහා නව තාක්ෂණික ක්‍රමවේදයන් අනුගමනය කරනවා. පැරණි යාන්ත්‍රික වාහන  ක්‍රියාකාරීත්වය වෙනුවට ස්වයංක්‍රීය  ක්‍රියාකාරි පද්ධති සමග වාහන අද ධාවනයට යොදා ගන්නවා.

    මේ වාහන පිළිබදව මනා දැනුමක් පුහුණුවන රියදුරන් සදහා ලබාදිය යුතුයි. ඒ වගේම අද ලෝකයේ රියදුරන් පුහුණු කිරිම සදහා ඩුවෙල් ට්‍රේනින් වෙහිකල් යොදා ගන්නවා. පුහුණුවන රියදුරා අතින් වැරැද්දක් සිදුවුහහොත් ක්ෂණිකවම අනෙක් පස සිටින රියදුරු උපදේශකයාට එම වැරැද්ද නිවැරදි කර ගැනීමට හැකියාව තිබෙනවා. මෙම ක්‍රමය ලංකාවේද යොදාගත යුතුයි. මම යෝජනා කරනවා. මින් ඉදිරියට ලංකාවේ රියදුරන් පුහුණු කිරිම සදහා ද්විත්ව රියදුරු පුහුණු වාහන ගෙන ඒම අනිවාර්යෙන්ම කල යුතුයි කියලා. එමෙන්ම රියදුරු පාසැල් හිමියන් වශයෙන් කටයතු කරන අයට වගකිමක් තිබෙනවා හොද රියදුන් බිහි කිරිම සදහා කටයතු කිරිමට රිය පුහුණුවන රියදුරන් සදහා මාර්ග සංඥා ආදිය පිළිබද අවබෝධයක් ලබදිම ඒ වගේම හොද ප්‍රායෝගීක පුහුණුවක් ලබාදීම, හොද තාක්ෂණ දැනුමක් ලබාදීම, මාර්ග නීති පිළබදව දැනුවත් කිරිම, ඔබ තුලින් විය යුතුයි. එහෙත් ඇතැම් අවස්ථාවලදි ප්‍රමිතියෙන් අඩු රියදුරන් ද එනවා. ඔවුන් අතින් අනතුරු සිදුවෙනවා නමුත් අපිට විශාල වගකීමක් තියෙනවා උපරිමයෙන් හොද රියදුරන් බිහි කිරිමට මොකද ප්‍රමිතියෙන් අඩු රියදුන් බිහි වීම තුලින් මිනිස් ජීවත පිළිබද වගකීමක් ඔවුන් තුලින් බලාපොරාත්තු විය නොහැකිය. එහෙත් මිනිස් ජීවත ලඝුකොට සලකන්න බැහැ.

    රියදුරු රැකියාව කියන්නේ මිනිස් ජීවිතත් සමග කරන සෙල්ලමක්- සිල්ලර කඩේක බඩු විකුනනවා වගේ සේවාවක් නොවෙයි. රියදුරු උපදේශකයන් කරන්නේ ඊට වඩා මිනිස් ජීවත හා ගැටුණු සේවාවක් තමයි කරන්නේ ඒ වගකිම ඉටු කිරිමේදි රුපියල් ශත ලාභය පිටුපස නොයා ඊට වඩා ඔබ්බට ගිය සමාජීය වගකීම ගැන සිතා කටයතු කරන ලෙද රියදරු පාසැල් හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය.

    මෙම උත්සව සභාවෙදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මින් ඉදිරියට ඇ රියදුරු පාසැලක බලපත්‍රලාභී පුහුණු උපදේශකයින් දෙදෙනකු අනිවාර්යයෙන්ම සිටිය යුතු බවත්, B හා C ශ්‍රේණියේද බලපත්ලාභි පුහුණු උපදේශකයකු සිටිය යුතු බවත්ය.ඒ අනුව රියදුරන් බිහි කිරිමේදි ගුණාත්මක භාවයෙන් යුතු තාක්ෂණික හා ප්‍රායෝගික දැනුම සහිත රියදුරන් බිහි කිරිමට හැකි වෙතැයිද තමා අපේක්ෂා කරන බවද පැවසීය.

    එමෙන්ම සමහර රියදුරු පුහුණු උපදේශකයින් වසර 60න් පසුව තවදුරටත් කටයුතු කිරිමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලිම් කරන බවද එහෙත් තමාගේ අදහසනම් අනිවාර්යෙන්ම වයස 60දි විශ්‍රාම යා යුතු බවත්, පුළුවන්නම් දේශපාලඥයන්ටද විශ්‍රාම යාමට එම සීමාව යොදා ගත යුතු බවත්ය.

    මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya