සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දුනීසියා නිල සංචාරය සාර්ථකව නිම කළ ජනපති යළි දිවයිනට

    මාර්තු 09, 2017

    මව්බිමට ආර්ථික සහ වෙලඳ වාසි රැසක් අත්කර දෙමින් සිය ඉන්දුනීසියා නිල සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ(08) රාති‍්‍රයේ යළි දිවයිනට පැමිණියේ ය.

    ඉන්දුනීසියාවේ ජකර්තා  නුවර පැවති ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව සහභාගීවීම සඳහා ජනාධිපතිතුමා මෙම සංචාරයේ නිරත වූයේ ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩඩෝ මහතාගේ ආරාධනයෙනි.

    ඉන්දියානු සාගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කරගනිමින් කි‍්‍රයාත්මකවන ඉන්දියානු සාගර කලාපීය රටවල සංවිධානයේ 20වැනි සංවත්සරය සැමරීමට සමගාමීව මෙවර රාජ්‍ය නායක සමුළුව උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

    ඉන්දියානු සාගර කලාපයේ රටවල් 21 ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවති සමුළුවේ දී ඉන්දීය සාගර කලාපයේ රටවල සහයෝගය ඉදිරියට ගෙන යාමේ සම්මුතියකට ද රාජ්‍ය නායකයින් අත්සන් තැබූහ. සමුළුවව අතරතුර ජනාධිපතිතුමා දකුණු අපි‍්‍රකානු ජනාධිපති ජාකොබ් සූමා, ඉන්දීය උප ජනාධිපති මොහොමඞ් හමීඞ් අන්සාරි, ඕස්ටේ‍්‍රලියානු අගමැති මැල්කම් ටර්න්බූල් සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා යන මහත්ම මහත්මීන් සමග ද ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත විය.

    එම රටවල් සමග පවතින වෙළඳ සහ ආර්ථික සබඳතා සවිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී ජනාධිපතිතුමා විශේෂ අවධානය යොමු කළ අතර නව සංවර්ධන සැලැස්මක් ඔස්සේ ඉදිරියට ගමන් කරන ශී‍්‍ර ලංකාව සමග අත්වැල් බැද ගැනීමට සූදානම් බවට එම රාජ්‍ය නායකයන් ජනාධිපතිතුමා හමුවේ සහතික වූහ.

    ශී‍්‍ර ලංකාව තුළ තිරසර සාමයක් ඇති කිරීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙල දකුණු අපි‍්‍රකානු ජනාධිපති ජාකොබ් සූමා මහතාගේ විශේෂ ඇගයීමට ලක් විය. ජාත්‍යන්තර කටයුතුවලදී මෙන්ම සෑම ක්ෂේත‍්‍රයකින්ම ශී‍්‍ර ලංකාවට ලබාදිය හැකි සෑම සහායක්ම ලබාදෙන බව ද දකුණු අපි‍්‍රකානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ආර්ථික සහ ව්‍යාපාරික වශයෙන් ශී‍්‍ර ලංකාව සමග ශක්තිමත් ගමනක් යාමට ඕස්ට්‍රේලියාව සූදානම් බව  ඕස්ට්‍රේලියානු අගමැතිවරයා පැවසීය. වසර 40 පසුව ශී‍්‍ර ලංකා රාජ්‍ය නායකයෙකුට ඉන්දුනීසියාවේ නිල සංචාරයක් සඳහා ලැබුණු ප‍්‍රථම නිල ආරාධනය සනිටුහන් කරමින් ඉන්දුනීසියා ජනාධිපති නිල නිවස  වෙත ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට ඉන්දුනීසියා ජනාධිපතිතුමාගෙන් හිමි වූයේ උණුසුම් සහ සුහදශීලි පිළිගැනීමකි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මෙම සංචාරය තුළින් දෙරට අතර මිත‍්‍රත්වය වඩාත් ශක්තිමත් වන බව මෙහිදී ඉන්දුනීසියානු ජනාධිපතිතුමා සඳහන් කළ අතර දෙරට අතර සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කර ගැනීම සඳහා නව වැඩපිළිවෙල ආරම්භ කිරීම පිළිබඳවත්  දෙරටේ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් පිළිබඳව මෙන්ම කලාපීය ආරක්ෂාව ශක්තිමත් කර ගැනීම සඳා සාමුහිකව කටයුතු කිරීම පිළිබඳව ද රාජ්‍ය නායකයන් සාකච්ඡා කළහ.

    එමෙන්ම රටවල් දෙක අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇතිකර ගැනීම පිළිබඳව ද අවධානය යොමු වූ අතර දෙරටේ විදේශ කටයුතු අමාත්‍යාංශ හරහා එහි පසුබිම සොයා බැලීමට සාකච්ඡා කෙරිණි.

    ශී‍්‍ර ලංකාව සහ ඉන්දුනීසියාව අතර සමුද්‍රීය හා ධීවර සහයෝගීතාවය පිළිබඳව අවබෝධතා ගිවිසුමක් සහ සාම්ප‍්‍රදාය කර්මාන්ත ක්ෂේත‍්‍රයේ  සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ද රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව අත්සන් තැබිණි.

    අනතුරුව ඉන්දුනිසියා ජනාධිපති ජෝකෝ විඩඩෝ මැතිතුමා විසින් පිරිනමන ලද විශේෂ දිවා භෝජන සංග‍්‍රහයට ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya