සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුවන්වැල්ල නව අධිකරණ ගොඩනැගිල්ලට මුල්ගල තැබීම 10 දා

    මාර්තු 06, 2017

    රුපියල් මිලියන 275ක වියදමින් නිම කිරීමට අපේක්ෂිත රුවන්වැල්ල නව අධිකරණ ගොඩනැඟිල්ලට මුල්ගල තැබීම අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 10 වන සිදු කරන බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

    යුක්තිය පසඳලීමේ කාර්යය භාරය වඩාත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස ජනතාවට ලබාදීමේ අරමුණින් දීර්ඝ කාලයක් මුළුල්ලේ රුවන්වැල්ල අධිකරණයේ කාර්යාලවල පැවති ඉඩකඩ ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමේ අරමුණින් රුපියල් මිලියන 275ක වියදමින් ඉදිකිරීමට මෙම නව දිසා මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැඟිල්ල ඉදි කරනු ලැබේ.

     

    අධිකරණ සේවාවන් කාර්යක්ෂම කිරීමට සඳහා දැනට පවතින ගොඩනැඟිලි පහසුකම් දියුණු කිරීම සඳහා, යටිතල පහසුකම් දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම නව අධිකරණ ගොඩනැඟිල්ල ඉදි කෙරේ.

     

    මෙම අධිකරණ ගොඩනැඟිල්ල මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, ලේඛණාගාර,  නීතීඥවරුන්ගේ කාර්යාල වැනි නවීන පහසුකම් වලින් සමන්විත වන අතර මෙය ඉඳිකිරීමෙන් පසු රුවන්වැල්ල අධිකරණ බල ප්‍රදේශයේ ජනතාවට ඵලදායි අධිකරණ සේවාවක් ලබා ගැනීමට ඉඩකඩ ලැබෙනු ඇතැයි අධිකරණ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya