සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටුනායක ධාවන පථය සංවර්ධනයෙන් පසු A-380 ගුවන් යානා මෙහෙයුම් සිදු කළ හැකියි

    මාර්තු 06, 2017

    වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛතාවය ලබා දෙමින් වසර 30කට පසුව කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ ධාවන පථය ප්‍රතිසංවර්ධනය කිරීමෙන් පසුව ධාවන පථය මීටර් 60 සිට මීටර් 75 දක්වා පුළුල් වන බැවින් A-380 විශාල ගුවන් යානාවල මෙහෙයුම් කටයුතු ඉතා පහසුවෙන් සිදු කළ හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    කටුනායක ධාවන පථයේ ඉදිකිරීම් නිරීක්ෂණයක් සිදු කරමින් අද (06) අමාත්‍යරයා මේ බව සඳහන් කළේය.

    ජාත්‍යන්තර මට්ටමේ ගුවන් තොටුපළක් වන කටුනායක ගුවන් තොටුපළේ ධාවන පථය මෙලෙස කඩිනම් ප්‍රතිසංවර්ධනයක් නොකළේ නම් ගුවන් තොටුපළ අසාධු ලේඛනගතවීමට (Black List) බොහෝ දුරට ඉඩ තිබුණා. ඒ නිසයි මෙම සංවර්ධන කටයුතු පසු ගිය ජනවාරි මස 06 වෙනිද දින ආරම්භ කළේ. මෙහිදී විවිධ පාර්ශවයන් විවිධ චෝදනා සිදු කළා මෙම ගුවන් තොටුපළ වැසීම පිළිබඳ. නමුත් අපි මෙම ගුවන් තොටුපළ පුර්ණ වශයෙන් වසා දැමුවේ නැහැ. මෙම ගුවන් තොටුපළ තාවකාලිකව දිනකට පැය 08ක් වැසීම තුළින් මෙම සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කරා. ඒ අනුව අද වන විට 75% ක් නිම කිරීමට හැකි වී තිබෙනවා. ඒ නිසා නියමිත දිනය වන අප්‍රියේල් 06 වන විට මෙම ආස්තරණ කටයුතු නිම කොට ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා භාර දීමට හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙම සංවර්ධන කටයුතු නෙදර්ලන්තයේ තාක්ෂණයට අනුව චීනය සමාගමක් වන කැතික් සමාගම විසිනුයි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබන්නේ. ඒ නිසා තවත් වසර 20ක් පමණ යන තෙක් මෙම ධාවන පථයේ ශක්තිමත් භාවය පිළිබඳව එම විදේශ ඉංජිනේරුවන් සහ ශ්‍රී ලාංකීය ඉංජිනේරුවන් තහවුරු කර තිබේ.

    මෙම ධාවන පථය නිම කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළේ දෙවන පර්යන්ත ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ලබන ජුලි මස පමණ වන විට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම ඉදිකිරීම් සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවීම් සිදු කර තිබේ.

    ඒ නිසා වත්මන් රජය ගුවන් සේවා කටයුතුවලට ප්‍රමුඛත්වයක් ලබා දෙමින් සමස්ථ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු සඳහා මුල්‍ය ප්‍රතිපාදන මේ වන විට ලබා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya