සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝවන රෝග වැළදුන රෝගීන් පිළිබද දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලෙස පෞද්ගලික රෝහල්වලට නියෝගයක්

    මාර්තු 06, 2017

    බෝවන රෝගවලට ගොදුරුව පෞද්ගලික රෝහල්වලට ඇතුළත්වන රෝගීන් පිළිබද සියළුම දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදිය යුතු බව දන්වමින් පෞද්ගලික රෝහල් නියාමන සභාව මඟින් සියලුම පෞද්ගලික රෝහල් දැනුවත් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා උපදෙස් දී තිබේ.

    එවැනි රෝගීන් පිළීබද තොරතුරු ලබාගැනීමේ දී නව වෛරස් හදුනා ගැනීම, ප්‍රතිකාර ක්‍රමවෙිද ආරම්භ කිරිම, පැතිරයාම වැළැක්වීම සදහා අවශ්‍ය පියවර ගැනීමට හැකියාව ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමෙි දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දෙන ලදි. බේරුවල චීන කොටුව ප්‍රදේශයේ වෛරස් උණ රෝගයකට ඇතැම් පුද්ගලයින් ගොදුරුවීම පිළිබදව කරුණු විමසමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

    එම රෝගය වැළදුන ඇතැම් පුද්ගලයින් ප්‍රදේශයේ පෞද්ගලික රෝහල්වලට ඇතුළත් වී ඇතත්, එම රෝග තත්ත්වයන් පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශයට තොරතුරු ලැබී නොමැති බව නිලධාරින් මෙහිදී පෙන්වා දුන්හ.

    එම ප්‍රදේශයේ සිදු කළ ක්ෂේත්‍ර පරික්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ ධීවර කටයුතුවලට භාවිතා නොකරන බෝට්ටුවල සහ සුනාමි ඛේදවාචකයේ දී ගසාගෙන පැමිණි බෝට්ටු තුළ මදුරුවන් බෝවීමෙි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි. ධීවර අමාත්‍යාංශය සමග සාකච්ඡා කර එම බෝට්ටු ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya