ප‍්‍රදේශයේ පවතින සුන්දරත්වය නිසි පරිදි සුරක්‍ෂිත කරමින් එම වටිනාකම් රටේ ආර්ථික හා සමාජ සංවර්ධනය වෙනුවෙන් උපයෝගී කර ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. එමෙන්ම මේ යටතේ සෘජු හා වක‍්‍ර රැකියා අවස්ථාවන් 15,000 ක් අවම වශයෙන් නිර්මාණය වනු ඇත.
රජය කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම් සහිතව මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාවට නගන බවත් කරුවලගස්වැව දියුණු නගරයක් බවට පත් කිරීම මේ යටතේ සිදුවන තවත් වැදගත් කාරණයක් බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යංශය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
තබ්බෝව ආර්ථික කලාපය ඇති කිරිමට අදාල වැඩ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් ජනාධිපතිවරයාද මෙම ව්‍යාපෘතිය කෙරෙහි විශේෂ අවදානයක් යොමු කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුටත් පැවසීය.