සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ඇමැති අද ජකර්තාහි IORA අමාත්‍ය මණ්ඩල රැස්වීමට එක්වෙයි

    මාර්තු 06, 2017

    ඉන්දුනීසියාවේ ජකර්තා හි අද (06) පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර කලාපීය සංගම් (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

    IORA හි 20 වැනි සංවත්සරය සමරමින් රාජ්‍ය/ආණ්ඩු ප්‍රධානීන්ගේ සමුළුවක් හෙට (7) ඉන්දුනීසියාවේ දී පැවැත්වීමට 2015 වසරේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරිණ.  නායක සමුළුව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ද සහභාගී වන අතර එම සමුළුව අමාත්‍ය මණ්ඩල හමුවෙන් පසුව පැවැත්වෙනු ඇත.

     

    IORA රැස්වීමට සමගාමීව, විදේශ කටයුතු අමාත්‍යවරයා IORA සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.


    IORA යනු, ඉන්දියානු සාගර කලාපයේ ආර්ථික සහයෝගීතාව සඳහා පහසුකම් සලසාදීම මෙන්ම එය ප්‍රවර්ධනය කිරීම අරමුණු කොටගත් කලාපීය සංවිධානයකි. කලාපීය සහයෝගීතාව සඳහා ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ ආරම්භක සාමාජිකයෙකු වූ ශ්‍රී ලංකාව, 2003 හා 2004 යන වසරවල පිළිවෙළින් 4 වැනි හා 5 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම් කොළඹ දී පවත්වමින් එහි සත්කාරකත්වය දැරීය. වර්තමානය වන විට රටවල් 21 ක් එහි සාමාජිකත්වය දරන අතර රටවල් 7 ක් එහි සංවාදී හවුල්කරුවන් ලෙස කටයුතු කරයි.

    සමුද්‍රීය රැකවරණය හා ආරක්ෂාකව, වෙළඳ හා ආයෝජන අවස්ථා සලසා දීම, ධීවර කටයුතු කළමනාකරණය, ආපදා අවදානම පාලනය කිරීම, අධ්‍යාපනික, විද්‍යාත්මක මෙන්ම තාක්ෂකණික සහයෝගීතාව සහ සංචාරක හා සංස්කෘතික හුවමාරුව වැනි IORA හි මූලික අරමුණු හා ප්‍රමුඛතා ක්ෂේත්‍ර කෙරෙහි මෙම හමුවේ දී අවධානය යොමුවනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya