සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කරුවලගස්වැවට ජාතික විශ්වවිද්‍යාලයක්

    මාර්තු 05, 2017

    ආණමඩුව, කරුවලගස්වැව ප‍්‍රදේශයේ නව විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට නියමිත බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

    කරුවලගස්වැව ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේ ඒ මහතා මේ බව සඳහන් කළ අතර  යෝජිත විශ්වවිද්‍යාලය ඉදිකිරීමේ මූලික කටයුතු මෙම වසර තුළදී ආරම්භ කරන බවත් එය සියලු විශ්වවිද්‍යාල වලට වඩා වෙනස් වූ විශ්වවිද්‍යාලයක් ලෙස ස්ථාපිත කිරීම රජයේ අපේක්‍ෂාව වී ඇති බවත් පෙන්වා දුන්නේය.

    සාම්ප‍්‍රදායික වශයෙන් උපාධිධාරීන් බිහි කිරීමෙන් වැලකී වෘත්තීයක් ඉලක්ක කරමින් උපාධි පිරිනැමීම වෙනුවෙන් නව විශ්වවිද්‍යාලය ඉදිකිරීමට යෝජනා වී තිබේ. පාඨමාලා අටක් 08 ක් යටතේ මෙහිදී  උපාධි පිරිනැමීම මූළිකව සිදු කිරීමට යෝජනා වී ඇති බවද අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය. එමෙන්ම 2019 වසරේ දී  මෙම විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු ආරම්භ කිරීමද රජයේ සැලසුමයි. ලෝක බැංකුවේ හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ මූල්‍ය ප‍්‍රතිපාදන හා නියමයන් මත පදනම්ව මෙහි වැඩ කටයුතු සිදු කෙරෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya