සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් සිසුන් 10,000ට පාරම්පරික හස්ත කර්මාන්ත පුහුණුව

    මාර්තු 05, 2017

    පාරම්පරික හස්ත කර්මාන්ත සඳහා පාසල් සිසු දරු දැරියන් සම්බන්ධ කරගැනීම සඳහා ආරම්භ කළ ‘‘ශිල්ප නවෝදා“ වැඩසටහන යටතේ පාසල් දරුවන් 40,000ක් දැනුම්වත් කර 10,000 ට ශිල්පීය පුහුණුව ලබා දෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    පසුගිය 2016 වර්ෂයේ ජූලි 14 වැනි දා සිට ආරම්භකරන ලද මේ ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පාසල් 225ක සිසු සිසුවියන් 40,000ක් පාරම්පරික හස්ත කර්මාන්ත පිළිබඳ දැනුම්වත් කර තිබේ. එහි දී සිසුන්ගේ කැමැත්ත අනුව තෝරාගන්නා ලද විවිධ හස්ත කර්මාන්ත පිළිබඳ ළමුන් 10,000ට පුහුණුව ලබා දීමට නියමිතය.

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ව සංවිධානය කරනු ලබන මෙම වැඩසටහනේ දෙවැනි අදියර ලෙස සිසු දරුවන්ට හස්ත කර්මාන්ත පුහුණුව ලබා දීම ලබන 06 දින ආරම්භ කිරීමට නියමිතය.


    ජාතික ශිල්ප සභාවේ සභාපතිනි හේෂානි බෝගොල්ලාගම මෙනවිය පවසන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ලැබීම හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනයට හා එහි පැවැත්මට මහත් ශක්තියක් වනු ඇති බවයි.

    මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ එක් දිස්ත්‍රික්කයකින් පාසල් 10 බැගින් තෝරාගෙන සිසු දරු දැරියන් දැනුම්වත් කරතිබේ. ඉන් පසු පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කැමැත්ත පරිදි ඒ ඒ හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයන්හි පුහුණුවට ඔවුන් යොමු කරන ලදී, ඒ අනුව පසුගිය මාස හය කාලයේ දී සිසු සිසුවියන් 40,000ට ආසන්න පිරිසක් දැනුම්වත් කළහ.

    ලී කැටයම්, පිත්තල කර්මාන්තය, වෙස්මුහුණු  කර්මාන්ත, කුඹල් කර්මාන්තය, තල් ආශ්‍රිත නිෂ්පාදන, බීරළු ගෙතීම ඇතුළු හස්ත කර්මාන්ත රැසක් පුහුණු වීම සඳහා ඒ ඒ සිසු දරු දැරියන්ගේ කැමැත්ත අනුව යොමු කරන බව ජාතික ශිල්ප සභාව පවසයි.

    මේ ව්‍යාපෘතිය අවසානයේ හස්ත කර්මාන්ත පුහුණුව පාසල් විෂය මාලාවට එක්කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ජාතික ශිල්ප සභාව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya