සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හමුදාවට අවශ්‍ය සමාජයෙන් ලැබෙන අභිමනය ගෞරවය පමණයි- අවශ්‍ය විශ්‍රාම වැටුප් ලබාදීමේ ක්‍රමවේදය අනුගමනය කර තිබෙනවා

    මාර්තු 04, 2017

    ආබාධිත රණවිරුවන්ගේ මූලික අවශ්‍යතාවට අවධානය යොමු කර මේ වනවිට අවශ්‍ය විශ්‍රාම වැටුප් ලබාදීමේ ක්‍රමවේදය අනුගමනය කර තිබෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා පවසයි.

    පසුගිය දිනවල කතාබහට ලක් වූ ආබාධිත රවිරුවන්ගේ විශ්‍රාමවැටුප සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පැහැදිළි කිරීම සඳහා අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවේ දී හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසී ය.

     

    වසර 12ක සේවා කාලයක් සපුරා නොමති වුවත් ක්‍රියාන්විත රාජකරියේ දී ආබාධයට ලක් වූ රණවිරුවන්ට මාසික දීමනා සහිත වටුප, දුබලතා වෙනුවෙන් ගෙවනු ලබන දීමනාව සහ අමතරව සේවා විශ්‍රම වැටුප් දීමනාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබුණා.

     

    ඒ අනුව ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කර විශ්‍රාම වැටුප් පාරිතෝෂික සංග්‍රහයට අවශ්‍ය සංශෝධන එක් කර 2017 පෙබරවාරි මස සිට ආබාධිත රවිරුවන්ට විශ්‍රාම වටුප් ලබාදිමට පියවර ගෙන තිබෙනවා.

     එහෙත් ඔවුන් විසින සිදු කරනු ලබන අනෙක් ඉල්ලීම වුණේ, ආබාධිතයකු ලෙස විශ්‍රාම ගත් මොහොතේ වැටුප අද වැටුපට එක් කර වුරුදු 12 සම්පූර් කළා සේ සළකා කටයුතු කරන ලෙසයි.

    මේ වනවිට මූලික අවශ්‍යතාවට අවධානය යොමු කර අවශ්‍ය විශ්‍රාම වැටුප් ලබාදීමේ ක්‍රමවේදය අනුගමනය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් සඳහාත් සියයට 85%ක විශ්‍රාම වැටුපට සියයට 15%ක රණවිරු සුරැකුම් දීමනාවත් එක් කර සියයට 100%ක විශ්‍රාම වටුපක් හිමි වෙනවා. ඊට අමතරව එයට අමතර දුබලතා දීමනාවද එක්වෙනවා.

     

    මෙහිදී අඳහස් දක්වූ යුද හමුදා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සනත් පෙරේරා මහතා, වසර 12 සේවා කලයක් සපුරා නොමැති බැවින් විශ්‍රාම පාරිතෝෂික සංග්‍රහයට අනුව ගනය කරනු ලබන්නේ ඔවුන් සේවය අවසානයේ යෙදී සිටි වැටුපටයි. මෙම ඉල්ලීම සමස්ත රාජ්‍ය සේවයට ම බලපාන කරුණක්. අපට නීති අපනත්වලට පිටින් වැඩ කිරීමට නොහැකියි.

     

    විශේෂයෙන් දුබලතා වෙනුවෙන් ඔවුන්ට ගෙවනු ලබන දීමනාව ගෙවනු ලබනවා. විශ්‍රාම වැටුප ඇතුළුව දුබලතා විශ්‍රාම වැටුප සියලු දීමනා ගෙවීම් ආරම්භ කර තිබෙනවා. මෙතැන තිබෙන්නේ ඉල්ලීම් ඉදිරිපත් කරන ආකරයේ ප්‍රශ්නයක්. හමුදාවේ අභිමානය පිළිබඳ ප්‍රශ්නයක්. ඉතාමත් සුළු පිරිසක් ජනතාවට අවහිර වනලෙස යුද්ධය පෙන්වා, සිදු කරන ක්‍රියාව අනුමත කරන්න බෑ. මේ රණවිරුවන් යුද්ධය නිසා අතපය අහිමි කරගත්තා. එහෙත් මෙවැනි ක්‍රියාවකට එය භාවිතා කිරීම සුදුසු නැ. හමුදාව නීතිගරුකයි. ඒ අභිමානය තිබිය යුතුයි.හමුදව දීර්ග කාලයක් පවතින්නේ,මේ අභිමානය රැකුණොත් පමණයි.හමුදාවට අනුකම්පවක් අවශ්‍ය නෑ. අවශ්‍ය සමාජයෙන් ලැබෙන අභිමනය,ගෞරවය පමණයි. අපි කිසිම රණවිරුවෙකු අතහැර දමා නෑ. ඔවුන් වෙනුවෙන් සුබසාධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක  කර තිබෙනවා.

     

    මෙහිදී අඳහස් දැක්වූ රණවිරු සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ප්‍රියන්ත නාපාගොඩ මහතා ,  මේ වනවිටත් රවිරුවන් වෙනුවෙන් විශේෂ සුබසාධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. රවිරු සේවාව යටතේ පුනරුත්ථාපනය කිරීමේ කටයුතුවල නිරතවෙනවා. වෛද්‍ය පහසුකම් ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාදෙනවා. රණවිරුවන් සඳහා නිවාස ලබාදීම, නිවාස ණය ලබාදීම සිදු කරනවා. 1992 සිට රණවිරු ගම්මාන 27ක් සකස් කොට නිවාස 1200ක් ඉදිකර රවිරුවන්ට ලබාදී තිබෙනවා. රවිරුවන්ගේ දූදරුවන් වෙනුවෙන්  රජයේ ජනප්‍රිය පාසල් සඳහා ඇතුළත් කිරීමේ දී ප්‍රමුඛතාවය ලබාදෙනවා. මිහිදු සෙත් මැදුර සහ රණවිරු සෙවන වැනි ස්ථානවල රණවිරුවන් රැකබලාගන්නවා. විරුසරු වරප්‍රසාද කාඩ්පත මඟින් විවිධ මට්ටමේ සේවා 50කට අධික සේවා ස්ථානයන් වෙතින් ප්‍රතිලාභ ලබාගැනීමේ පහසුකම් සළසා තිබෙනවා යැයි පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya