සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යළිත් ඩෙංගු මදුරු මර්දන සතියක් - මදුරු මර්දනයට 500ක බලඇණියක්

    මාර්තු 04, 2017

    කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, ත්‍රීකුණාමලය හා රත්නපුර යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බැවින් ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් දියත් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී ඇත.

    ඒ අනුව මාර්තු මස 29 දින සිට අප්‍රේල් මස 04 දින දක්වා ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත. 2017 වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 16479 ක් වාර්තා වී ඇති අතර, මියගිය සංඛ්‍යාව 24 කි. ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මසයේ දී රෝගීන්ගේ වැඩිවීමේ අඩුවක් ද දක්නට ලැබේ.

    ඩෙංගු රෝගය ව්‍යාප්තවීම සදහා බලපා ඇති කරුණු පිළිබදව සෞඛ්‍ය, ධීවර, පාලාත් පාලන අමාත්‍යාංශ ඒකාබද්ධව සාකච්ඡාවක් ලබන සතියේ දී පැවැත්වීමට ද නියමිතය.

    සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගියදා පැවැති ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමෙි දී පළාත් පාලන ආයතන කුණු කසළ ඉවත් කිරීමෙි මන්දගාමිභාවය පිළිබදව ද සාකච්ඡා කෙරුනි. ඉදිකිරීම් කලාප සහ පාසල් යළිත් වරක් පරීක්ෂා කිරීමට ද මෙහිදී තීරණය විය. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මදුරු මර්දන ක්ෂේත්‍ර සහායකයින් 500 ක් බස්නාහිර පළාත කේන්ද්‍රගතව බදවා ගැනීමට පියවර ගෙන තිබේ.

    ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා ධූමායන යන්ත්‍ර ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට ඛෙදාදීම ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇත. පළමු අධියර යටතේ ධූමායන යන්ත්‍ර 30 ක් පසුගියදා බස්නාහිර පළාත් සභාවට බාරදෙන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya