සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    World Birth Defects Day- උපත් ආබාධ සහිත දරු උපත් සම්බන්ධයෙන් සොයාබැලීමේ ආවේක්ෂණ කටයුතු සිදු කරනවා

    මාර්තු 03, 2017

    උපත් ආබාධ සහිත දරුවන් විමර්ශනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත් උපත් ආබාධ සහිත දරු උපත් සම්බන්ධයෙන්  හේතු සොයාබැලීමේ ආවේක්ෂණ කටයුතු රටපුරා සිදු කරන  බව පරාජංම විශේෂඥ වෛද්‍ය සංගමයේ ( perinatal Society of Sri Lanka) සභාපති  වෛද්‍ය කපිල ජයරත්න මහතා පවසයි.


    වෛද්‍යවරය මේ බව ප්‍රකාශ කළේ, අද (03) කොළඹ, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි. අදට යෙදී තිබෙන World Birth Defects Day වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීමට මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණි.

     

    ශ්‍රී ලංකාව සියයට 100%ක් ම පූර්ව ප්‍රසව සංරක්ෂණය ලබාදෙන රටක්. සියයට සියයයක ආසන්න දරු උපත් සිදු වන්නේ රජයේ රෝහල්වල. පෞද්ගලික රෝහල්වල දරු උපත් සිදු වන්නේ සියයට 5%ක් තරම්.ඒ නිසා අනෙකුත් රටවල් සමඟ සසඳා බලන විට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රසස්ථ මට්ටමක පවතිනවා.

    දරු උපත් දහසකට ළඳරු මරණ සිදු වන්නේ ළමයි පහක් පමණයි. උපත් දහසකින් උපතට පෙර දරුවන් මිය යන්නේ අටක් තරම් ප්‍රමාණයක්.උපත් ආබාධ සහිත් දරුවන් විමර්ශනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. ශ්‍රි ලංකාවේ සෑම වසරකම ළඳරු මරණ 2500ත් 3000ත් අතර ප්‍රමාණයක් වර්තා වෙනවා.ආබාධ නිසා ඉන් සියයට 21%ක් මිය ගොස් තිබෙනවා. විවිධ සංකූලතා හේතුවෙන් නොමේරූ දරුවන් 25000ක් පමණ වසරකට උපදිනවා.මෙය බරපතල ප්‍රශ්නයක්.ශ්‍රී ලංකාවේ උපත් ආබාධ සහිත දරුවන්  වසරකට 6000ක් පමණ උපත ලබනවා.

    ඒ නිසාම නව ජංම සේවා ඉලක්ක කරගෙන විශේෂ වැඩසටහන් රටපුරා ක්‍රියාත්මකයි.උපත් ආබාධ වලක්ව ගැනීම ඉතාම වැදගත්. උපත් ආබාධවලින් බහුලවම තිබෙන්නේ දරුවනේ හෘදයේ ආබාධ. එය සියයට 56%ක්. හෘදයාබාධ නිස ළඳරු මරණ 2014 දී පමණක් 324ක් වාර්තා වුණා.

    ළඳරු මරණ පිළිබඳව සියලු හේතු විමර්ශනය කරනවා.උපත් ආබධ නිසා මරණය සිදුවන්නට බලපාන හේතු සොයා බලනවා.උපත් ආබාධ පිළිබඳව සොයාබැලීමේ ආවේක්ෂණ කටයුතු රටපුරා සිදු කරනවා. ඒ සඳහා ශක්තිමත් දත්ත පද්ධතියක් අවශ්‍යයි.පාසල්වලට ගොස් 1,4,7,10 වසරවල දරුවන් පරීක්ෂා කිරීමේ කටයුතු කරනවායැයි ද වෛද්‍ය කපිල ජයරත්න මහතා පවසයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya