සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර ශ්‍රවණ දිනය අද -''ශ්‍රවණය ආයෝජනයකි - ඒ නිසා ශ්‍රවණය රැකගනිමු ''

    මාර්තු 03, 2017

    ජාත්‍යන්තර ශ්‍රවණ දිනය අද (03) යෙදී තිබේ.''ශ්‍රවණය ආයෝජනයකි. ඒ නිසා ශ්‍රවණය රැකගනිමු ''යන්න මෙවර තේමාව වී තිබේ.

    ලෝක ජනගහනයෙන් මිලියන 360ක් ශ්‍රවණ ඌණතා නිසා ආබාධ තත්ත්වයට පත්ව තිබෙන බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙයින් අඩක්ම සංවර්ධනය වෙමින් පවතින රටවල වෙසෙන බව වාර්තා වෙයි.

    දැනට ශ්‍රී ලංකාව තුළ රජයේ රෝහල් උපතේ සිටම ශ්‍රවණ ඌණතා පරික්ෂ කිරීමේ පහසුකම් සළසා දී තිබේ. උපතේ ශ්‍රවණාබධ හඳුනාගන්නා දරුවන්ට රජයෙන් නොමිලේ ශ්‍රවණාධාර ලබදීම සිදු කරන අතර කර්ණ ශංඛ බද්ධ සැත්කම සිදු කරන බව කොළඹ ජාතික රෝහලේ උගුර,කණ සහ නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පවසයි.

     

    උපදින සෑම ළඳරුවෙකුගේම ශ්‍රවණය පරීක්ෂ කිරීම සිදු කරන බවත් රජයේ රෝහල් දහයකට අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට කටයුතු කරන බවද වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පැවසුවාය.වසරකට උපත් ලක්ෂ හතරකින්  ළඳරුවන් 400ක් පමණ ශ්‍රවණාබාධිතව උපදින බවද වෛද්‍යවරිය පෙන්ව දෙයි. මෙම දරුවන් ඉක්මනින්ම සොයා ප්‍රතිකාර සඳහා යොමු කළ විට භාෂාමය හැකියාව ඇති දරුවකු බිහිකරගත හැකිය.

    බිහිරි දරුවකු සමාජයේ ඵලදායි පුරවැසියෙකු කළ යුතුයි.විශේෂයේ තමන්ගේ දරුවගේ ශ්‍රවණය පිළිබඳව කිසියම් වෙනසක් හඳුනාගත හොත් වෛද්‍යවරයකු හමුවීම ඉතාම වැදගත් බවද පෙන්වා දුන් වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය නිරෝගී කණක් පිරිසිදු කිරීමට කිසිවක් භාවිතා නොකළ යුතු බවත් සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya