සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ​ සි ෂෙල්ස් හා ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු වෙනුවෙන් ඒකාබද්ධ වැඩපිළිවෙලක්

    මාර්තු 02, 2017

    සි ෂෙල්ස් රටේ ධීවර කර්මාන්තය සදහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් රජයේ මැදිහත්වීමෙන් විධීමත් වැඩපිළිවෙලක් යටතේ යැවීමට අවශ්‍ය  කටයුතු කඩිනමින් සකස්කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

    අමාත්‍යවරයා, මේ බව සදහන් කළේ, සි ෂෙල්ස් ධීවර හා කෘෂිකර්ම අමාත්‍ය MICHAEL BENSTRONG මහතා සමඟ පැවති සාකච්ජාවෙදිය. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණ.

     

    සිෂෙල්ස් ධීවර හා කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ, තම රටේ ධීවර කර්මාන්තය සඳහා ශ්‍රමිකයින් අවශ්‍ය බවය . ඊට අමතරව ධීවර යාත්‍රා ද අවශ්‍ය බවත් ඒ සදහා ශ්‍රී ලංකාවට අවස්ථාව ඇතැයි පැවසීය.

    පුරා පැය දෙකකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාව දෙරටේ ධීවර කර්මාන්තයට බෙහෙවින් ඉවහල් කර ගත හැකි ක්ෂේත්‍ර පිළිබද වඩාත් පුළුල්ව අවධානය යොමු කිරීමට හැකිවූ බවත් සි ෂෙල්ෆ් ධීවර හා කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය .

    සිෂෙල්ස් ධීවර හා කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ,  රාජ්‍ය අමාත්‍යවරයා විසින් ක්‍රියාත්මක කිරීමට වෙරදරන නිල් ආර්ථික වැඩපිළිවෙල ඉතා ප්‍රශංසනීය බවය. නිල් ආර්ථික වැඩපිළිවෙල සි ෂෙල්ස් රටේ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන මේ වන විට වසර තුනක් පමණ වන බවද එරට ධීවර අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .

    මෙහිදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසුවේ නව ධීවර තාක්‍ෂණ විද්‍යාල දෙකක් පිහිටුවා වෘර්තීය මට්ටමේ ධීවරයින් බිහිකිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතින බවත් , කොරියාවේ සහය ලබා ගනිමින් ඒ සියළු ධීවර කාර්මිකයන්ට පුහුණුවේදී නව තාක්‍ෂණය හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව ධීවර කර්මාන්තයේ නිරතවීම පිළිබද වැඩි අවධානය යොමුකරණ බවත් පැවසීය .

    ඒ අනුව දෙරට ඇතිකරගන්නා නිවැරදි වැඩපිළිවෙලක් යටතේ මනා පුහුණුවක් ලද ධීවර කාර්මිකයන් සි ෂෙල්ස් රටේ රැකියා සදහා යොමුකිරීමට පියවර ගන්නා බව සදහන් කළ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා එරටට අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල ධීවර යාත්‍රා නිපදවා ලබාදීමේ වැඩපිළිවෙල ද කඩිනමින් ක්‍රියාත්මක කරණ බව පැවසීය .

     

    දෙරට අතර ඇතිකරගත් සුහදතාව තව තවත් වර්ධනය කර ගනිමින් මනා අවබෝධයක් හා නිවැරදි වැඩපිළිවෙලක් යටතේ දෙරටේ ධීවර කර්මාන්තය වෙනුවෙන් කැපවී ක්‍රියා කිරීමට දෙරටම එකගත්වයකට පැමිණියහ.


    ඒ වගේම සි ෂෙල්ස් තරුනයන්ට නාවික ඉංජිනේරු පිළිබද පුහුණුවක් ලංකාවේ දී ලබා දීමේ වැඩපිළිවෙලක් සැකසීමටද මෙහිදී එකගත්වයකට පැමිණියහ .

    මෙම අවස්ථාවට සී සෙල්ස් රාජ්‍යයේ මහ කොමසාරිස් David Pierre  මහතා ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය  අමාත්‍යංශයේ ලේකම් අබ්දුල් මජිඩ් මහතා , රාජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ජී.එම්.දිනේෂ් කුමාර , රාජ්‍ය අමාත්‍යවරයාගේ උපදේශක අයේෂ් රණවක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya