සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිසුන් වෙනුවෙන් චක්‍රලේඛයක් නිකුත් වෙයි

    මාර්තු 01, 2017

    පාසල් කාලය තුළ සිසුන් උද්ඝෝෂණවලට සහභාගී කරවාගැනීම සහ බාහිර පුද්ගලයින් හෝ කණ්ඩායම් අවසරයකින් තොරව පාසල්වලට ඇතුළුවීම, සිසුන් ඇමතීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    රජයේ ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට එරෙහිවත්, වෙනත් අන්තගාමී මතවාද පාසල් සිසුන් අතර ප්‍රචලිත කිරීමට ඇතැම් පුද්ගලයන් සහ සංවිධානාත්මක කණ්ඩායම් විසින් කටයුතු කරන බවටත්, එය පාසල්වල ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියට සහ පාසල් සිසුන්ගේ විනය පවත්වාගෙන යාමට බාධාවක් වී ඇති බවටත් මවුපියන් විසින් සිදුකරන ලද පැමිණිලි සහ අනාවරණය වූ සෙසු කරුණු මත අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

    ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ගේ හෝ පළාත් අධ්‍යක්ෂවරුන්ගේ විශේෂ අවසරයකින් තොරව පාසල්වල කිසිදු රැස්වීමක් හෝ සාකච්ඡාවක් නොපැවැත්වීමට වගබලාගන්නා ලෙස සියලු පාසල් ප්‍රධානීන්ට උපදෙස් ලබාදෙන ලෙසත්, එම උපදෙස් නොපිළිපැදීමෙන් ඇතිවන කවරාකාරයක අර්බුදකාරී තත්වයකට වුව ද අදාළ පාසල්වල විදුහල්පතිවරුන් පෞද්ගලිකව ම වගකිව යුතු බවටත් දැනුම් දෙන ලෙසත් මෙම චක්‍රලේඛය මඟින් සියලු පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමට අධ්‍යාපන ලේකම්වරයා කටයුතු කර තිබේ .

     

    wdu 2edu 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya