සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුමන ආර්ථික අභියෝග හමුවේ වුවද දිළිඳු ජනතාවගේ සුබසාධනය සඳහා රජය ප‍්‍රමුඛත්වය ලබාදී තිබෙන බව ජනාධිපතිතුමා පවසයි

    පෙබරවාරි 28, 2017

    ලෝක ආර්ථික අර්බුදය හමුවේ අපේ රටට ද කුමන ආකාරයේ ආර්ථික අභියෝගවලට මුහුණදීමට සිදුවුවද දිළිඳු ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් රජය ප‍්‍රමුඛත්වය ලබා දී තිබෙන බව ජනාධිපතිතුමා පැවසීය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (28) පෙරවරුවේ කොළඹ මහබැංකු ශ‍්‍රවණාගාරයේ පැවති තිරසර මුල්‍ය පිළිබඳ වැඩමුළුවේ සමාරම්භක සැසිය අමතමිනි.

    අපේ රටේ සියයට 30 ක පමණ ජනතාවක් බරපතළ ආර්ථික අපහසුතාවයන්ට මුහුණදී සිටින අතර ඔවුන් වෙනුවෙන් 2017 වසර දුගී බව තුරන් කිරීමේ වසර ලෙස රජය ප‍්‍රකාශයට පත් කර තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට මූල්‍ය ක්ෂේත‍්‍රයේ සියලුදෙනාගේ සහය අපේක්ෂා කරන බව කියා සිටියේය.

    ආර්ථික ගැටලු ජය ගැනීමේදී පරිසර සංරක්ෂණය ද ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා තිරසර සංවර්ධන ප‍්‍රතිපත්ති කළමනාකරණය පිළිබඳ සෑම ක්ෂේත‍්‍රයකම විද්වතුන්ගේ සහ ප‍්‍රවීණයිනගේ මගපෙන්වීම අත්‍යාවශ්‍ය බව ද කියා සිටියේය.

    පරිසර ඇගයීම සමග භෞතික සම්පත් සංවර්ධනය මුල්කරගත් ඉදිරි සංවර්ධන කාර්යයන්හි මූල්‍ය ප‍්‍රතිපත්ති හා කළමනාකරණය ඉතා සාර්ථක මගක ගමන් කළයුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මහ බැංකුව ඇතුළු මූල්‍ය ආයතන, පරිසර අමාත්‍යාංශය හා පරිසර සංරක්ෂණයට අදාළ අනෙකුත් ආයතන සමග ඒකාබද්ධ වූ ජාතික වැඩසටහනක් කි‍්‍රයාත්මකවීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

    ශී‍්‍ර ලංකා මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය සමායතනය සහ තිරසර බැංකු ජාලය සමග ඒකාබද්ධව මෙම වැඩමුළුව සංවිධානය කර තිබෙන අතර මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නියෝජිතයින් සහ දෙස් විදෙස් මූල්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් සහ විද්වතුන් පිරිසක් මෙම සමාරම්භක සැසියට එක්ව සිටියහ.

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya