සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වෙයි

    පෙබරවාරි 27, 2017

    ශ්‍රී ලංකා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය සහ වසර 2016-2018 ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතනායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) සිදුවිය.

    ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම කොළඹ බණ්ඩාරනයක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

    මෙහිදී අඳහස් දක්වූ කතනයක කරූ ජයසූරිය මහතා, ප්‍රසම්පාදන කොමිෂම මේ සඳහා සක්‍රිය ලෙස දායකවීම පිළිබඳව සතුටට පත්වෙනවා. ජනතාවගේ මුදල් පිළිබඳව අප වගකිව යුතුයි. රජයක් හැටියට සෑම විටම පාරදෘශ්‍යභාවයෙන් කටයුතු කරනවා. රජයක් හැටියට සතුටුවෙනවා, මෙවැනි ක්‍රියාකරී සැලැස්මක් එළිදැක්වීමට කටයුතු කිරීම ගැන. මෙම ප්‍රසම්පාදන කොමිෂමට විශේෂ කාර්යභරයන් රැසක් සිදු කරන්නට තිබෙනවා. විවිධ ආයතන, සිවිල් සංවිධාන,සමඟ කටයුතු කරන්නට වෙනවා. දැන් තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කර තිබෙනවා.දැන් සියලු දේ යථාර්තයක් බවට පත්වෙමින් පවතිනවා යැයි ද කතානායකවරයා පැවසී ය.

    මේ අවස්ථාවට ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපති නිහාල් වික්‍රමසූරීය මහතා, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ ලේකම් සීතා විතානාරච්චි මහත්මිය ඇතුළු නිලධරීහු රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya