සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කල් ඉකුත් වූ සහල් කිලෝ 3590ක් දෙදිනකදී අත්අඩංගුවට

    පෙබරවාරි 26, 2017

    සහල් සඳහා පාලන මිලක් නියම කර තිබිය දී වැඩි මිලට සහල් විකුණන ස්ථාන පරීක්ෂා කිරීම යටතේ පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා දිනයන්හි කරන ලද වැටලීම්වල දී එවැනි ව්‍යාපාරික ස්ථාන 63ක් හමුවූ බවත් කල් ඉකුත්වූ සහල් කිලෝ 3590ක් කොළඹින් හා අකුරණින් අත්අඩංගුවට ගත් බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

    වැටලීම් 159 සිදුකර පිටකොටුවෙන් කල් ඉකුත්වූ සහල් කිලෝ 2550ක්  සහ අකුරණ නගරයෙන් කල් ඉකුත්වූ හාල් කිලෝ 1040ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අනුව කොළඹ පිටකොටුවේ තොග වෙළෙඳ සැල් කිහිපයක තිබී කල් ඉකුත් වූ රතු නාඩු සහල් කිලෝ ග්‍රෑම් 800ක්, සම්බා කි‍ලෝ ග්‍රෑම් 850ක් සහ කීරි සම්බා කිලෝ ග්‍රෑම් 900ක් සිකුරාදා සවස  අත්අඩංගුවට ගෙන තිබේ.

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසන්නේ ආනයනික සහල් සහ දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිල නියම කිරීමේ දී ගොවීන්, වී මෝල් හිමියන්, ආනයනකරුවන්, තොග වෙළෙන්දන් හා සිල්ලර වෙළෙන්දන් සියලු දෙනාම එකඟ වූ මිලක් නියම කර ඇති බවයි.

    කිසිදු ආකාරයකින් වැඩි මිලට සහල් විකිණිය නොහැකි බවත් එවැනි ස්ථාන වටලා නීතිමය පියවර ගන්නා ලෙස පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. එමෙන් ම කල් ඉකුත් වූ හෝ නරක් වූ හෝ සහල් විකිණීම ද බරපතල වරදක් බව අමාත්‍යවරයා පවසයි.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසන්නේ සහල් වැඩි මිලට විකුණන ස්ථාන පිළිබඳ ජනතාවගෙන් පැමිණිලි ලැබෙමින් තිබෙන බවයි. එම ස්ථාන ඉක්මණින් වැටලීමට අධිකාරියේ නිලධාරීන් සියලු දෙනාට උපදෙස් දී ඇති බව ද වැටලීම් සිදුකරන බැවින් බොහෝ ව්‍යාපාරික ස්ථානවල සහල් නියමිත පාලන මිලට ලබාගත හැකි බව ද තිලකරත්න මහතා කියා සිටියේය.
    වැඩි මිලට සහල් විකුණූ ව්‍යාපාරිකයන් සහ කල් ඉකුත්වූ සහල් විකුණූ ව්‍යාපාරිකයන්ට අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇතැයි ද පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya