එම විශේෂ සැසියේ සභාපතීත්වය හිමි වූයේ ශ්‍රී ලංකාවේ කථානායක කරු ජයසූරිය මහතාට ය. පාකිස්තානය හැරුණු කොට සාක් කලාපීය සාමාජික රටවල සියලු ව්‍යවස්ථායක ප්‍රධානීහු ද මේ සඳහා එක්ව සිටියහ.
කලාපීය සංවර්ධනය, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය, කාලගුණ වෙනස්වීම් සහ විෂය පථයන් හා අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව පිළිබඳ සමුළුවේදී විශේෂ අවධානයට යොමු විය.