අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ල - චෙන්කලාඩි මහා මාර්ගයේ සංවර්ධනය ඇරඹේ

    පෙබරවාරි 21, 2017

    බදුල්ල - චෙන්කලාඩි මහා මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා බදුල්ලේ දී සිදු කෙරිණි.  

    උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක මෙම මාර්ග ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 21 කි. සංවර්ධනය කරන මාර්ගයේ දුර කි.මි 147 කි.

    මෙම අවස්ථාවට ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා , විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා , ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා , මහාමර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා  මහතා, කම්කරු රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ඇතුළු පාර්ලිමේන්තු සහ පළාත් සභා මැති ඇමතිවරුන් පිරිසක් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා , මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් රෝහිත ස්වර්ණ මහතා සහ ජනතාව විශාල පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya