අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවස්ථා සංශෝධනයෙන් බෞද්ධාගමට හානියක් නැහැ

    ජූලි 23, 2016

    ව්‍යවස්ථා සංශෝධනයේදී බෞද්ධාගමට කිසිදු හානියක් වීමට ඉඩ තියන්නේ නැති බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

    ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යරජාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ජාති, කුල, ආගම් භේද නොසලකා සහයෝගයෙන් සහ සංහිඳියාවෙන් කටයුතු කිරීමේ කාලය දැන් එළැඹ ඇති බව ද පෙන්වා දුන්නේය.

    ව්‍යවස්ථා සංශෝධනය තුළ බෞද්ධ ආගමට කිසිදු වෙනසක් සිදු නොවන බව ජනාධිපතිතුමා ද පෙන්වා දී තිබෙන බවත් ජාතින් අතර භේදයක් නැතිව ජීවිත් වීමට හැකි පරිසරයක් මේ වන විට උදා වී තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ අද රටේ තියෙනවා ලොකු සාකච්ඡාවක් මේ ව්‍යවස්ථා සංශෝධනය ගැන තිබෙන බවයි.


    "මට මතකයි අපි පිටරට යනකොට පළමුවෙන්ම පන්සලට ගිහිල්ලා පිරිත් නූලක් බැඳගෙනයි අපි යන්නේ. මම තමයි ක්‍රිකට් ආයතනයට ඉස්සෙල්ලම ස්වාමීන්වහන්සේලා ගෙන්වලා අපේ ක්‍රීඩා කණ්ඩායමට ආශිර්වාද කරන්න ස්වාමීන් වහන්සේට කියලා පිරිත් නූලක් ගැටගහගත්තේ. මේ පිරිත් නූල ගැට ගහනකොට බෞද්ධයෝ විතරක් නෙවෙයි කතෝලික, හින්දු සහ මුස්ලිම් යන සියලුම ක්‍රීඩකයින් අත දික්කරලා අපේ හාමුදුරුවන්ගෙන් පිරිත් නූල ගැට ගහගෙන ක්‍රීඩා කරපු කාලයක් අපේ තිබ්බා. ඒ වගේ එකට වැඩ කරපු සංහිදියාවක් අපිට තිබුණා" යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය.


    මෙම  අවස්ථාවට පයාගල ගොරකදෙණිය ශ්‍රී ලංකාරාමාධිපති පූජ්‍යපාද මෙදේරපිටියේ රාහුල හිමි, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න, කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත සිල්වා සහ කුවෙට් රාජ්‍යයේ යසස කාගෝ අධිපති යූ.ඩී.සී. ජයලාල් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya