අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජනතාවට සෞඛ්‍ය පරීක්ෂාව කර ගැනිමට සුවදිවි මධ්‍යස්ථාන 842ක් ස්ථාපිත කෙරේ

    ජූලි 24, 2016

    මහජනතාවට තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර ගැනිම සදහා රජයේ වෛද්‍ය ආයතන 842ක  සුවදිවි මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට නියමිත බව සෞඛ්‍ය  පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    මෙම ඒකක මගින් රුධිරයේ සීනි ප‍්‍රමාණය, කොලෙස්ටරෝල් හා මේ ප‍්‍රමාණය,රුධිර පීඩනය, ශරීර ස්කන්ධ දර්ශකය මගින් අධික රුධිර පීඩනය, හදවත් රෝග, දියවැඩියාව වැනි රෝග තිබේ දැයිපරීක්ෂා කර ගත හැක.

    තවද සුවනාරි සායන 906 ක් පිහිටුවා ඇති අතර එමගින් කාන්තාවන්ට පියයුරු හා ගැබිගෙල පිළිකා කල් ඇතිව හදුනාගැනීමට හැකිය.සෑම දිස්ත‍්‍රික්කයකම එකක් බැගින් රෝග පරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවීමට සැලසුම් කර ඇත.

    ඒ සදහා සහයෝගය සිංගප්පුරුවෙන් ලැබෙන අතර  මෙම පරීක්ෂණ ඒකකවල දී එම්.ආර්.අයි. සී.ටි ස්කෑනර් පරීක්ෂණ හැර අනෙකුත් සියළුම රෝග පරීක්ෂණ පහසුකම් ලබාදිමට නියමිතය.

    මෙහිදී බලාපොරොත්තු වන්නේ 2020 වනවිට බෝ නොවන රෝග සියයට 10 කින් අඩු කිරීමට සහ 2035 වනවිට බෝනොවනරෝග සියයට 20 කින් අඩු කිරීමට බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ, පසුගිය දා ඇමෙරිකාවේ පැවැති බෝ නොවන රෝග පිළිබඳ ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya