මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජල සම්පාදනයට සහ සනීපාරක්ෂාවට රු.මිලියන 5,300ක් ආයෝජනයක්

    ජූලි 24, 2016

    ජල සම්පාදනය සහ සනීපාරක්ෂක කටයුතු සඳහා 2016 වර්ෂයේ පළමු කාර්තුව සඳහා රජය රුපියල් මිලියන 5,300ක් ආයෝජනය කර තිබේ.

    මහා පරිමාන ජල සම්පාදන හා සනීපාරක්ෂාව සම්බන්ධ ව්‍යාපෘති එයින් මිලියන 4840ක් වියදම් කර ඇත. වියළි කලාපීය නාගරික ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය, බදුල්ල- හාලිඇල හා ඇල්ල ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය, මහියංගනය ජල සම්පාදන ව්‍යාපෘතිය, මොරටුව- රත්මලාන සහ ජාඇල- ඒකල අප ජලය ඉවත් කිරීමේ ව්‍යාපෘතිය, සහ මහනුවර  නාගරික ජල සැපයුම් කළමනාකරණ ව්‍යාපෘතිය සඳහා මෙලෙස මුදල් ආයෝජනය කර තිබේ.

    මෙයට අමතරව පිළිවෙළින් රුපියල් මිලියන 245ක් සහ රුපියල් මිලියන 215ක් ජල සැපයුම් අංශයේ ප්‍රජා පහසුකම් සඳහා සහ කුඩා හා මධ්‍ය පරිමාණ ජල සැපයුම් යෝජනා ක්‍රම සඳහා වැය කර ඇත.

    මුදල් අමාත්‍යාංශය මඟින් නිකුත් කර තිබෙන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව -2016, මඟින් මෙම ආයෝජන පිළිබඳව  කරුණු අනාවරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya