අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටපුරා නිදහස් සෞඛ්‍ය සේවාව වැඩි දියුණු කිරීමට රාජ්‍ය ආයෝජන අඛණ්ඩව

    ජූලි 24, 2016

    රටපුරා නිදහස් සෞඛ්‍ය සේවාව වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතිව, මධ්‍යම රජය සහ පළත් මට්ටමින් රාජ්‍ය ආයෝජන අඛණ්ඩව ඉහළ නංවා ඇති බව  වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පෙන්වා දෙයි.

    මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙන නවතම වාර්තාව අනුව, 2016 වර්ෂයේ මුල් මාස හතර සඳහා පළාත් සභා සහ මධ්‍යම රජයේ සෞඛ්‍ය සේවාව සඳහා මුළු වියදම රුපියල් මිලියන 58,842ක් වන අතර 2015 වර්ෂයෙහි එම කාලසීමාව හා සැසදීමේ දී මෙම අගය සියයට 9.7%ක වර්ධනයකි.

    සෞඛ්‍ය සේවාව සඳහා සමස්ත වියදමින් පුනරාවර්තන වියදම රුපියල් මිලියන 53,270ක් වන අතර ප්‍රාග්ධන ආයෝජනය රුපියල් මිලියන 5,572කි.

    එසේ ම රෝගීන් සඳහා බාධාවකින් තොරව නොමිලේ ඖෂධ ලබදීම සඳහා 2016 පළමු මාස හතර තුළ රජය රුපියල් මිලියන 13,138ක් වියදම් දන ලද බව මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya