මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර විකල්ප වෛද්‍ය සම්මේලනය ශ‍්‍රී ලංකාවේ දී

    ජූලි 24, 2016

    2018 වසරේ ජුලි මාසයේ දී ජාත්‍යන්තර විකල්ප වෛද්‍ය සම්මේලනය  ශ‍්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  දොස්තර රාජිත සේනාරත්න මහතා මේ බව පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී අනවරණය කළ බව සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි. එහිදී අමාත්‍යවරයා විසින් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අඳහස් දක්වා තිබේ.

     

    ආයුර්වේද දෙපාර්තමේන්තුවට 2014 වෙන් කළේ, රුපියල් මිලියන 499 යි. 2015 දී මිලියන 575 ක් වෙන් කළා. 2016 වනවිට එය මිලියන 1301 ක් දක්වා ඉහළ නංවා  තිබෙනවා. බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලට රුපියල් මිලියන 1000 ක් මේ වසරේ වෙන් කර තිබෙනවා. කයිතඩි ආයුර්වේද රෝහලට මිලියන 65 ක් වයදම් කරලා, අළුතින් රෝහලක් හදනවා. මැදවචිචිය ආයුර්වේද රෝහල රුපියල් මිලියන 20 ක් වියදමින් සංවර්ධනය කරනවා.  බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනයට රුපියල් මිලියන 100 ක් වියදම් කරලා හදනවා. එහි පර්යේෂණවලට විශාල මුදලක් වෙන්කර තිබෙනවා.

     

    එමෙන්ම වෙදගම පාරම්පරික වෛද්‍ය ක‍්‍රම පර්යේෂණ රෝහලක් ඉදිකිරීම සදහා රුපියල් මිලියන 187 ක් වෙන්කර තිබෙනවා. අක්කර සියයක ඔසු ගම්මාන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර නිකවැරටිය ඔසු ගම්මානය සකස් කෙරෙමින් පවතිනවා. 2018 වසරේ ජුලි මාසයේ දී ජාත්‍යන්තර විකල්ප වෛද්‍ය සම්මේලනය  ශ‍්‍රී ලංකාවේ පවත්වන්නේ ඉන්දීය රජයේ ද සහයෝගය මතයි. හෝමියෝපති වෛද්‍ය ක‍්‍රම පනත ද පාර්ලිෙමින්තුවේ සම්මත වී තිබෙනවා යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya