අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයුර්වේද වෛද්‍ය පත්වීම් කඩිනමින් ලබාදෙනවා

    ජූලි 24, 2016

    ආයුර්වේද වෛද්‍යවරු ලෙස  830 කට කඩිනමින් පත්වීම් ලබාදෙන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    සෞඛ්‍ය සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා  කොළඹ පැවැති විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

     

    ආයුර්වේද වෛද්‍යවරු 830 කට පත්වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දී මුදල් වෙන් කර තිබෙනවා. රේඛීය අමාත්‍යාංශය යටතේ 94 කට හා පළාත් සභා යටතේ 736 කට
    පත්වීම් ලබාදීමට නියමිතයි. දැනට මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ පළාත් සභා අතරමෙම නිලධාරීන් අනුයුක්ත කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වෙනවා.

    අපි වෛද්‍යවරුන්ට නිදහස් වාහන බලපත‍්‍රය දෙන්න තීන්දු කරලා එන සුමානයේ චක‍්‍ර ලේඛයක් නිකුත් කිරීමට සුදානම්. ඔය වර්ජනය කරන්නේ ග‍්‍රාමීය රෝහල්වල ඉන්න වෛද්‍යවරුන්ට පෙනෙන්නයි. ආයුර්වේද වෛද්‍ය පත්වීම් දෙන් නෑ  කියන්නේ අමූලික බොරුවක්.දැන් කැබිනට් අනුමැතිය ඇවිල්ලා මාස 02 ක් විතර  වෙනවා.

    මෙම මාධ්‍ය හමුවේදී  දේශීය වෛද්‍ය ක්ෂේත‍්‍රය දියුණූ කිරීම සදහා ගෙන ඇති පියවර  පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අදහස් දැක්වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya