රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (21) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඒ අනුව ඉදිරියේදී 80%ක් සෞඛ්‍යමය අවවාද සහ ඉතිරි 20% සුදු පාට හිස් පසුබිමකින් යුතුව දුම්වැටි පැකැට්ටුව සකස් කිරීමට අදාළ සමාගමට අවශ්‍ය උපදෙස් නිකුත් කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
මේ වන විට මෙම ක්‍රමවේදය වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ, ප්‍රංසය, එක්සත් රාජධානිය ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.