අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියානු රජයෙන් ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10 ට ශිෂ්‍යත්ව

    ජූලි 22, 2016
    ඉන්දියානු රජයේ අනුග්‍රාහකත්වය යටතේ කල්කටාවේ පිහිටි ජාතික හෝමියෝපති ආයතනයේ 2016-2017 අධ්‍යයන වර්ෂය සදහා හෝමියෝපති  වෛද්‍ය උපාධි පාඨමාලාව හැදැරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමට කටයුතු යොදා ඇත.
    මේ සදහා සුදුස්සන් තෝරා ගැනීම සදහා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය අයදුම්පත් කැදවනු ලැබේ . 
     
    මෙහි පාඨමාලා කාලය වර්ෂ 5 1/2 ක් වන අතර පාඨමාලාව සාර්ථකව හැදැරීමෙන් පසු සුදුසුකම්ලත් හෝමියෝපති වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.
     
    මේ පිළිබඳ  සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ තීරණය අවසාන තීරණය වන අතර මෙම පාඨමාලාව පිළිබද වැඩි විස්තර www.nih.nic.in වෙබ් අඩවියෙන් ලබා ගත හැක.
     
    සියළුම අයදුම්කරුවන් අයදුම්පත් ජුලි මස 30 දින හෝ ඊට ප්‍රථම අතිරේක ලේකම් (පාලන), දේශීය වෛද්‍ය අංශය , සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය , 4 වන මහල ,අංක 464 , ටී.බී.ජයා මාවත , කොළඹ 10 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
     
     සම්මුඛ පරීක්ෂණයකින් පසු සුදුස්සන් තෝරා ගන්නා අතර සුදුසුකම්ලත් අයදුම්කරුවන්ට අමාත්‍යංශය විසින් එක් ගමන් වාරයක් සදහා පමණක් ගුවන් ටිකට්පතක් නොමිලේ  ලබා දෙනු ඇත
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya