අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැලේසියාවේ උප අගමැති විදේශ රැකියා ඇමතිනිය හමු වෙයි

    ජූලි 22, 2016

    දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියාවේ උප අග‍්‍රමාත්‍ය ආචාර්ය අහමඩ් සෙයිඩ් හමිඩ් මහතා හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය අතර හමුවක් ඊයේ (21) විදේශ රැකියා අමාත්‍යංශයේදී පැවැත්විණි.

    මැලේසියාවේ සේවය කරන ශ‍්‍රී ලංකිකයින් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කළ අතර, මැලේසියානු රජය සමඟ විගමණික ශ‍්‍රමිකයින් පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඉදිරියේදී අත්සන් කිරීමටද දෙපාර්ශවය සාකච්ඡා කළහ.

     

    මීට අමතරව මැලේසියාවේ රැකියා සඳහා යන ලාංකිකයින් වීසා ලබාගැනීම සම්බන්ධව ඇතිවන ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට සාකච්ඡා කෙරිණි.

     

    ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මැලේසියානු තානාපති කාර්යාලයේ වෙනමම නිලධාරියෙකු පත්කිරීමටද සාකච්ඡා විය. එසේම මැලේසියානු රැකියා සඳහා යන ශ‍්‍රමිකයින්ට අවශ්‍ය විශේෂිත පුහුණු පාඨමාලාවන් මෙරටදී පැවැත්වීම හා විදේශ රැකියා ක්ෂේත‍්‍රය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යංශ ලේකම්වරයෙකු කඩිනමින් දිවයිනට පැමිණෙන බවත් ඔහු පැවසීය.

     
    එසේම එරට සේවය කරන ලාංකිකයින් දැඩි කැපවීමෙන් සේවය කරන බවත් ඒ පිළිබඳව තම රජය ප‍්‍රශංසා කරන බවත් ඒ මහතා තලතා අතුකෝරළ මහත්මියට ප‍්‍රකාශ කළේය.

     

    මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ජී.එස්.විතානගේ, විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලක්‍ෂමන් අබේගුණරත්න යන මහත්වරුන්ද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya