නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවිපලවල්වල කාර්යක්ෂමතාවය නංවන්න පියවර ගැනේ

    ජූලි 22, 2016
    මිලියන 34 ක් වටිනා ට්‍රැක්ටර් 15ක් ජාතික පශු සම්පතා සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපලවල් වලට ලබා දීම ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
    ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපලවල් වල කාර්යකෂමතාවය වැඩි කර ගැනීම සදහා වසර 36 කට පසුව මෙම ට්‍රැක්ටර් ලබා දුන් අතර මෙමගින් ගොවිපල තුල නිෂ්පාදන ධාරිතාවය වැඩිකර ගනිමින් වඩා ලාභදායි තත්වයට ගෙන ඒම සදහා මෙමගින් හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් අමාත්‍යවරයා මෙහිදී  පැවසීය.
     
    ඒ සදහා ගොවිපල කළමණාකරුවන්ගේ දායකත්වය නොවඩුව ලබා දෙනු ඇතැයිද, ඉදිරි කාලය තුල වඩා කාර්යකෂමව තම සේවය ඉටු කරනු ලබන ගොවිපළ කළමණාකරුවන් සදහා විදේශ ශිෂ්‍යත්ව පිරි නැමීමටත් එමගින් නවීන තාක්ෂණය සමග ගොවිපල තුල නිෂ්පාදන ක්‍රමවේදයන් ඉහල නැංවීමටත් පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා පැවසීය.
     
    මෙම අවස්ථාව සදහා ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්. ඩබ්ලිව්. සිරිල් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.   
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya