නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරල් පර ආරක්ෂා කර ගැනීමේ වැඩ සටහන අගෝස්තු 17 දා

    ජූලි 22, 2016
    රටට වැදගත් කොරල් පර රැකගැනීම  සදහා ලබා දියයුතු සෑම සහයක් ම ලබා දෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය. 
    අගෝස්තු මස 17 දින ත්‍රිකුණාමලය මුහුදු තීරයෙන් ආරම්භ කරන කොරල් පර ආරක්ෂා කර ගැනීම සදහා පොලිතින්, ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩ පිළිවෙල පිළිබදව දැනුවත් කිරීම සදහා විසිතුරු මත්ස්‍ය අපනයන කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද  මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙසේ පැවසීය.
     
    කොරල් පර ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ,ප්ලාස්ටික්, බෝතල්,පොලිතින් මෙන්ම අපද්‍රව්‍ය මුහුදට එක්වී එම අපද්‍රව්‍ය කොරල් පර මත තැන්පත් වීමෙන් සමස්ත සාගර සම්පතට වන විනාශය, ජනතාව දැනුවත් කර මෙම විනාශය වලක්වා ගැනීම යන කරුණු මුලික කර ගනිමින් ඉදිරියේදී දැවැන්ත වැඩ පිළිවෙලක් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගය මත ක්‍රියාත්මක කිරීමට විසිතුරු මත්ස්‍ය අපනයන කරුවන්ගේ සංගමය සැලසුම් කර ඇත .
     
    මෙම මාධ්‍ය හමුවේදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය .
     
    “ විසිතුරු මසුන් බෝ වෙන්නේ කොරල් පර ආශ්‍රිතව. රටට විදේශ විනිමය උපාය දෙන මෙම විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ආරක්ෂා කර ගැනීම අපගේ වග කීමක් වගේම යුතුකමක් . ඒ නිසා මෙම කොරල් පර ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ලබන මස 17 දින ත්‍රිකුණාමලයෙන් දියත් කරන වැඩ සටහනට ශක්තියක් වීමටත් ධෛර්යය ලබා දීම සදහාත් එම අවස්ථාවට මම අනිවාර්යයෙන්ම සහභාගී වීමට අදහස් කරගෙන සිටිනවා .”
     
    “ එසේම කොරල් පර පවිත්‍ර කිරීමේ දෙවැනි අදියර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අරඹන ලෙස ඉල්ලා සිටින අතර රජයක් ලෙසත් ධීවර කර්මාන්තයට ආදරය කරන ඇමතිවරයෙක් ලෙසත් දිය හැකි සෑම සහයක් ලබා දීමටද මම නොපිරිහෙලා කැප වෙනවා . වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 17 පමණ විදේශ විනිමයක් රටට ගෙන එන මෙම විසිතුරු මත්ස්‍ය අපනයන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සදහා ද දියහැකි සෑම සහයක් ම ලබා දීමට කටයුතු කරනවා .” යැයිද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වරයා පැවසීය.
     
    මෙම අවස්ථාවට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි ඉන්දිරා මල්වත්ත මහත්මිය , නාරා ආයතනයේ සභාපති ආචාර්ය අනිල් ප්‍රේමරත්න , නැක්ඩා ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් නිමල් චන්ද්‍රරත්න , විසිතුරු මත්ස්‍ය අපනයන කරුවන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත ඇලෙක්සැන්ඩර් යන මහත්වරුන් ඇතුළු එම සංගමයේ නියෝජිතයින් රැසක් එක්ව සිටියහ .
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya