නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි පුටු,ආර්ථික සම්බාධක බියක් නෑ - මාතෘ භූමීයේ ස්වෛරීභාවය කෙරෙහි කිසිම තර්ජනයක් නෑ

    ජූලි 22, 2016

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා රට බාරගත් පසු  විදුලි පුටු පිළිබඳව බියත් ආර්ථික සම්බාධක පිළිබඳ බියත්  රටේ නොමැති බවත් මෙම මාතෘ භූමීයේ
    ස්වෛරීභාවය කෙරෙහි කිසිම තර්ජනයක් නොමැති බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

    අමත්‍යවරයා මේ බව ප්‍රකශ කළේ, ඊයේ (21) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.


    තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසී ය. සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවනු ලැබුවේ අරගලයක් කරලයි. පොදු ජනතාවගේ ජන බලයෙන් ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවා.

    පොදු ජනතාව අපෙන් ඉර හෝ සඳ ඉල්ලා සිටියේ නෑ.ඔවුන් ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ පාලනයයි.ජනතාව බලාපොරොත්තු ඉටුකරන්න සම්මුතිවාදී ආණ්ඩුව ඉටු කරනවා.

    මේ රටේ නීතිය අකුරට ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා. මෙය රටේ පොදු ජනතාව ලැබූ ජයග්‍රහනයක්. අද විදුලි පුටුවට බියක් නෑ. එදා බලය ගන්න විදුලි පුටුව ගැන මිත්‍යාවක් මැව්වා.අදත් මාතෘභූමිය ගැන  එක එක දේ කියන්න උත්සහ ගන්නවා. මේ රජයට තවමත් මාස එකොළහයි.ප්‍රධාන පක්ෂ දෙක එකතු වී රටට වැඩකරන්නට
    හැකි වී තිබෙනවා.එදා වසර 10ක් ගිහින් ලබාදෙන්නට නොහැකි වූ ආර්ථික, දේශපාලන, සංස්කෘතික විසදුම් දෙන්න මාස 11න් හැකි වුණා.

    ලබන වඩර වනවිට ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් ඇති කරනවා. ශ්‍රී ලංකාව කෙරෙහි ලෝකයේ විශ්වාසය දිනා සිටිනවා.මේවා කඩකප්පල් කරන්න බොරු ප්‍රචාර ගෙන යනවා.අද විදුලි පුටුව ගැන බියක් නෑ. ආර්ථික සම්බාධක පිළිබඳව බියක් නෑ.අපි පළමු අඬිතාලම දමා තිබෙනවා. අපි ප්‍රතිඵල ලබදීම ආරම්භ කර තිබෙනවා.ඒ නිසා සම්මුතිවාදය සමඟ එකට යන්න එකතුවන්නැයි ද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya