අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ආර්ථිකයට මැලේසියා සහය

    ජූලි 22, 2016

    මැලේසියානු නියෝජ්‍ය අගමැති සහ ස්වදේශ කටයුතු අමාත්‍ය අහ්මඩ් සයිඩ් හිමිඩි මහතා සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අතර සුහද හමුවක් ඊයේ (21) කොළඹ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සිදු විය.

    මෙහිදී දෙරටේ දීර්ඝ කාලීන සහයෝගීතාව පිළිබඳව සිහිපත් දෙරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශ මඟින් සිදු කෙරෙන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් විය.


    ඊට අමතරව ශ්‍රි ලංකාවේ නව ආර්ථික උපයාමාර්ග ඇති කිරීමේ අවස්ථාවන් හා සීග්‍රන් වර්ධනයන් පිළිබඳ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා නියෝජ්‍ය අගමැතිවරයාට පැහැදිලි කළේය.

     

    මෙරට එම අවස්ථාවන් ජය ගැනීම සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය රජයක් ලෙස මැලේසියාව ලබාදෙන බව මැලේසියානු නියෝජ්‍ය අගමැති සහ ස්වදේශ කටයුතු අමාත්‍ය අහ්මඩ් සයිඩ් හිමිඩි මහතා අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට ප්‍රකාශ කළේය.

     

    මෙම අවස්ථාව සඳහා මැලේසියානු ශ්‍රී ලංකා මහ කොමසාරිස් වාන් සෙහිඩ් අබ්දුල්ලා, ස්වදේශ කටයුතු අමාත්‍යාංයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි, මහාචාර්ය කිත්සිරි ලියනගේ, අචාර්ය ටී. ඒ. ජී. ගුණසේකර, නියෝජ්‍ය අගමැතිවරයාගේ දූත පිරිස සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya