අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ රැකියා ජාවාරම් වැලැක්වීමට පියවර ගන්නවා - නි. ඇමැති මනූෂ නානායක්කාර

    ජූලි 22, 2016

    විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී සිදුවන පුද්ගල ජාවාරම් වැළැක්වීමට කටයුතු කරන බවත් ඒ සඳහා ගුවන් තොටුපලේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශ ඒකකය ශක්තිමත් කරන බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

    ඒ අනුව ගුවන් තොටුපලේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයට අවශ්‍ය පිරිස් බලය වැඩි කරන බවද ඒ මහතා සඳහන් කළේය.

     

    කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (21) පැවති  ප්‍රවෘත්ති සාකච්ඡාවේදී  ඔහු මේ බව සඳහන් කළේය.

     

    විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී සිදුවන පුද්ගල ජාවරම් පිළිබඳ  තොරතුරු ලැබී තිබෙන බවත්  ඇතැම් විට ගුවන් තොටුපොලේ සිටින සමහර නිලධාරීන්,සමහර ආරක්ෂක නිලධාරීන් සම්බන්ධ යැයි චෝදනා එල්ල වී තිබෙන අතර මේ ගැන විදේශ රැකියා අමාත්‍යංශයේ අවධානය යෙමු වී තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    එම ජාවාරම්වලට වැට බැඳීමට මේ වන විට රජය කටයුතු කරමින් සිටින අතර ඒ අනුව ගුවන් තොටුපල ඒකකය ශක්තිමත් කරන බවත්  නීති විරෝධී ආකාරයට විදේශගත වන දෙතුන් දෙනෙක් දවසකට අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    විදේශ රැකියා අමාත්‍යංශය ලෙස කාන්තාවන් විදේශගත වීම අවම කරලා පිරිමි ශ්‍රමිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා යොමු කිරීමට රජය  කටයුතු කරන බවත්  මීට පෙර රැකියා සඳහා විදේශ ගත වූවන්ගෙන් සියයට හැටක් හැත්තෑවක්ම කාන්තාවන්  වූ අතර ඒත් දැන් එම ප්‍රතිශතය සියයට තිස්පහ හතලිහ දක්වා අඩු වී තිබෙන බවත් නි‍යෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉදිරියේදී මේ ප්‍රතිශතය තවත් අඩු කිරීමට රජය කටයුතු කරන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya