මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "එට්කා" ගිවිසුම ඉන්දීය වෙළෙඳපොළට පිවිසෙන මාර්ගයක්

    ජූලි 20, 2016
    එට්කා ගිවිසුම අත්සන් කිරීමෙන් මෙරට නිෂ්පාදන භාණ්ඩවලට ඉන්දීය වෙළෙඳපොළට බාධාවකින් තොරව ඇතුළුවීමේ අවස්ථාව උදාවීම එම ගිවිසුමේ ප්‍රධාන ප්‍රතිලාභයක් බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ උදාකළ ගම්මාන වැඩපිළිවෙළ යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටවනු ලබන 42වන උදා ගම්මානය වන රන්මිණිතැන්න ශ්‍රී නරේන්ද්‍ර මෝඩි ගම්මානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවැති උත්සවයක් අමතමිනි.
     
    මෙම ගම්මානයේ පළමු අදියර යටතේ නිවාස 263ක් ඉදිවේ. සම්පූර්ණ නිවාස සංඛ්‍යාව 315කි. පළමු පියවර සඳහා රුපියල් ලක්ෂ 789ක් වැය කෙරේ. මේ සඳහා වැය වන සම්පූර්ණ පිරිවැය දරනු ලබන්නේ මෙරට රජය විසිනි.
     
    මේ වන විට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවලට ඇත්තේ මෙරට ජනගහනයට සීමා වූ ලක්ෂ 200ක පමණ සීමිති වෙළෙඳපොළක් පමණක් බව පෙන්වාදෙන අමාත්‍යවරයා ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව අපේ කාර්මාන්ත ශාලාවල නිපදවන භාණ්ඩ බාධාවකින් තොරව ලක්ෂ 13,000ක වෙළෙඳපොළක් වෙත යොමු කළ හැකි බවත්  පෙන්වා දෙයි.
    "වෙළෙඳපොළ වර්ධනය වීම හරහා රටේ නිෂ්පාදනය හා අපනයනය ද වැඩිවනවා. රැකි රක්ෂා වැඩිවනවා. ඉදිරියේ දී ශ්‍රී ලංකාව ආසියා - ෆැසිපික් කලාපයේ සංවර්ධිතම රටක් බවට පත්වනවා". 
     
    යෝජිත එට්කා ගිවිසුම හරහා ලක්ෂ ගණනක් ඉන්දීය සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත යැයි සඳහන් කළ ප්‍රේමදාස අමාත්‍යවරයා ඒ හරහා ජනතාවගේ අතමිට සරුවෙන බවත් වර්තමාන දේශපාලනයේ ප්‍රමුඛතාවය හිමිවන්නේ මහ පොළොවේ පය ගසා සිටින ජනතාවගේ අතමිට සරු කිරීමට මිස සුළු පිරිසකගේ බඩගෝස්තරය තර කිරීමට නොවන බවත් ප්‍රකාශ කළේය.
     
    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආර්ථික සබඳතා ශක්තිමත් වනවා දැකීමට අකමැති ඊර්ෂයාකාර කුහක පිරිස් මෙම ගිවිසුමෙන් මෙරටේ ස්වෛරීභාය හා ස්වාධීනත්වය නැති වන බව ප්‍රකාශ කළ ද එවැන්නක් සිදු නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya