සිංගප්පූරුවේ ජාත්‍යන්තර ව්‍යවසාය සංවිධානයේ මෙහෙයවීමෙන් ෂැන්ග්‍රිලා හෝටලයේ මෙම ව්‍යාපාරික හමුව පැවැත්විණි.
මහානගර සංවර්ධන සැලසුම් සැකසීම පිළිබඳව සිංගප්පූරුවේ සුබානා ජුරොං සමාගම සහ ශ්‍රී ලංකාව අතර අවබෝධාත්මක ගිවිසුමට, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් නිමල් වීරරත්න සහ සුබානා ජුරොං සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී වොං හියැන් ෆයින් යන මහත්වරුන් අත්සන් තැබූහ.
සිංගප්පූරුවේ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවති ව්‍යාපාරික හමුවෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස, සිංගප්පූරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊස්වරන්, සංනිවේදන හා තොරතුරු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය ජනිල් පුතුචෙරි යන මහත්වරුන් සහ සිංගප්පූරුවේ ප්‍රමුඛ ව්‍යවසායකයින් සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.