මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන ඇමැති හා දකුණු කොරියාවේ අධ්‍යාපන ප්‍රධානීන් අතර හමුවක්

    ජූලි 20, 2016

    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ දකුණු කොරියානු ග්වන්ග්ජු මෙට්‍රොපොලිටන් (Gwanju Metropolitan) අධ්‍යාපන දෙපාර්තමේන්තුව අතර පවතින අවබෝධතා ගිවිසුමකට අනුව වාර්ෂිකව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරුන් පිරිසකට හා නිලධාරීන් කණ්ඩායමකට දකුණු කොරියාවේ පුහුණු වැඩමුළුවක් සඳහා සම්බන්ධ වීමේ අවස්ථාව හිමි වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.


    එසේ ම ඊට සමගාමී ව අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් සහභාගී වන විශේෂ අධ්‍යයන වැඩසටහනක් ද වාර්ෂික ව ක්‍රියාත්මක වේ.

    ඒ අනුව, පසුගිය 18 දින සිට ලබන 22 දින දක්වා දකුණු කොරියාවේ දී පැවැත්වෙන 2016 වර්ෂය සඳහා වන විශේෂ අධ්‍යයන වැඩසටහන වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන අංශයේ අතිරේක ලේකම් එච්. යූ. ප්‍රේමතිලක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාවේ අධ්‍යක්ෂ ජී. එම්. නීල් ගුණදාස මහතා ඇතුළු පිරිසක් ද එක්වූහ.

    මෙම වැඩසටහනේ දී කොරියාවේ ග්වන්ග්ජු මෙට්‍රො‍පොලිටන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධිකාරිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර ද්වී-පාර්ශ්වීය සාකච්ඡාවක් පැවැත්විණි.

    එහි දී ශ්‍රී ලාංකීය ගුරුවරුන් සඳහා දකුණු කොරියානු ග්වන්ග්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සිදුකරන වාර්ෂික ගුරු පුහුණුව ඉදිරියට ද ක්‍රියාත්මක කිරීමට සහ ඒ සඳහා පෙර වසරවලට වඩා වැඩි පිරිසක්  සම්බන්ධ කිරීම පිළිබඳව ද සාකච්ඡා විය. දකුණු කොරියාවේ ක්‍රියාත්මක e - ඉගෙනුම්, තත්ත්ව කළමනාකරණය මෙන් ම තොරතුරු තාක්ෂණයට අදාළ සුවිශේෂී ක්‍රියාකාරකම් ද මෙහි දී අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු පිරිසගේ අවධානයට ලක්වූහ.

    එමෙන්ම, අධ්‍යාපන අමාත්‍යවරයාගේ මෙම සංචාර‍යේ දී දකුණු කොරියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍යවරයා, එරට අධ්‍යාපන හා පර්යේෂණ තොරතුරු සේවාවේ (KERIS – Korea Education & Research Information Service) ප්‍රධානීන්,මෙන්ම KOICA ආයතනයේ නිලධාරීන් ඇතුළු ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ප්‍රවර්ධනය උදෙසා උපදෙස්, මඟපෙන්වීම හා ආධාර ලබා දෙනු ලබන පාර්ශවයන් හමු වී සාකච්ඡා කිරීමට ද නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya