අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාව කුමන ජාතික වනෝද්‍යානය අවට පිරිසිදු කරයි

    ජූලි 20, 2016
    ගිණිකොන නාවික විධානය භාර ආඥාපති කොමදෝරු සුමිත් වීරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ පානම ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයන් පසුගිය දින ඔකඳ සිට කුඹුක්කන්ඔය දක්වා කුමන ජාතික වනෝද්‍යානය ආවරණය වන පරිදි කිලෝමීටර් 23 ක භූමි ප්‍රදේශයක් පිරිසිදු කිරීමේ කර්තව්‍යයක නිරත විය.
    මෙම ප්‍රදේශය යාපනය සිට කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදුනු බැතිමතුන්ගේ ගමන් මාර්ගයයි. පසුගිය දිනවලදී මෙම      ප්‍රදේශය හරහා සිදු කළ පාද යාත්‍රාවලදී එම බැතිමතුන් විසින් බැහැර කර තිබූ කසල හේතුවෙන් එම ප්‍රදේශ අපවිත්‍ර වී පැවති අතර, වනෝද්‍යානය අවට ප්‍රදේශය කඩිනමින් පිරිසිදු කර යථා තත්ත්වයට පත් කිරීමට එහිදී නාවික පුද්ගලයන්ට හැකි විය.
     
    ගිණිකොන නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සුදත් කුරුකුලසූරිය, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවිකයන් විශාල පිරිසක් මෙම කර්තව්‍ය සඳහා සිය දායකත්වය ලබා දී ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya