අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර, විගමනික දෙමාපියන්ගේ දරුවන් 37කට ශිෂ්‍යත්ව පිරිනැමේ

    ජූලි 20, 2016

    රත්නපුර දිස්ති‍්‍රක්කයේ විගමනික දෙමාපියන්ගේ දරුවන් 34 දෙනෙකුට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුභසාධන අංශයේ මැදිහත්වීමෙන් ශිෂ්‍යත්ව පිරිනැමීය.

    රත්නපුර දිස්ති‍්‍රක්කය සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි දරුවන්ට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කරන ලදී. මෙහිදී 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් 12 දෙනෙකු ද අ.පො.ස. (සා/පෙළා සමත් සිසුන් 14 දෙනෙකුද අ.පො.ස. (උ/පෙළ ) සමත් සිසුන් 08 දෙනෙකු සඳහා රුපියල් 700,000ක වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කරන ලදී.


    ශිෂ්‍යත්ව ප්‍රදානය රත්නපුර විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාලයේදී විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. කාර්යාංශයේ ලියාපදිංචි වී රට රැකියා සඳහා විදේශ ගතවන දෙමාපියන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම අරමුණු කරගනිමින් 1996 වර්ෂයේදී විගමනික සේවකයින්ගේ දරුවන් සඳහා ශිෂ්‍යාධාර ප‍්‍රදානය කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබේ. කාණ්ඩ තුනක් යටතේ මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානය කෙරිණි.

    5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් සඳහා රු 15000 බැගින්ද  අ.පො.ස (සා/පෙළ ) සමත් දරුවන් සඳහා රු 20000 බැගින්ද අ.පො.ස.(උ/පෙළා සමත් දරුවන් සඳහා රු 30000 බැගින්ද ශිෂ්‍යත්ව පිරිනැමේ. 2015 වර්ෂය සඳහා ශිෂ්‍යත්වලාභීන් 3351 දෙනෙකු තෝරාගෙන ඇති අතර ඔවුන් වෙනුවෙන් රු 61,040,000ක මුදලක් වැය කිරීමට අපේක්‍ෂිතය.

    රත්නපුර දිස්ති‍්‍රක්කයේ 2015 වර්ෂය තුළ ශ‍්‍රමිකයින් 6061ක් විදේශ ගතවී ඇති අතර  2016  වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 3283 දෙනෙකු රැකියා සඳහා
    විදේශ ගතවී ඇත.

    මෙම අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්‍ෂක මණ්ඩල සාමාජික  නීතීඥ නෙවිල් කරුණාරත්න,අධ්‍යක්‍ෂක මණ්ඩල සාමාජික නීතීඥ ගාමිණි රත්නායක
    හා සබරගමු පළාත් කාර්යාලයේ කළමනාකරු එච්.එම්. සුනිල් යන මහත්වරුන් ඇතුළු  විශාල පිරිසක් එක්වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya