අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    ගුරු හිඟයට කඩිනම් විසඳුම් යොදනවා - අධ්‍යාපන ඇමැති

    ජූලි 19, 2016

    පාසල් පද්ධතිය තුළ 60,000ක ගුරු හිඟයක් පවතින අතර 40,000ක ගුරු අතිරික්තයක් පවතින බවත් පසුගිය රජ‍ය සමයේ පැවති දේශපාලන අතගැසීම් මත වැඩි වශයෙන් ගුරුවරුන් නගර කේන්ද්‍රගත පාසල්වල පමණක් සේවයට යොමු කර තිබීම ඊට ප්‍රධාන හේතුව වී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    ඒ අනුව සත්‍ය වශයෙන් ම පවතින 20000ක පමණ ගුරු හිඟයට ද ඉක්මණින් පිළියම් යොදන බව අමාත්‍යවරයා සඳහන් කළා.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිය දා කුරුණෑගල සඳලංකාව ජාතික පාසලේ පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

    ඒ අනුව, 2018 වසරේ සිට අලුතින් ගුරුවරු බඳවා ගැනීම පාසල පදනම් කරගෙන සිදුකරන බවත්, ඒ ඒ විෂයයන්වලට හිඟ ගුරුවරුන් හඳුනාගෙන අදාළ බඳවාගැනීම් සිදු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙවර විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීමේ දී ඉසෙඩ් අගය (Z SCORE) ද පදනම් කරගනිමින් 50%ක් දිස්ත්‍රික් පදනමින් සහ 50%ක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිසුන් බඳවා ගැනීමට පියවර ගන්නා බව සඳහන් කළ අමාත්‍යවරයා පසුගිය වසරේ විද්‍යාපීඨ සඳහා වැඩිපුර සිසුන් 1,500ක් බඳවා ගැනීමට කටයුතු කළ බව ද සඳහන් කළේය.

    මෙරට වටිනා මානව සම්පත නිවැරදිව ‍රටේ සංවර්ධනය වෙනුවෙන් යොදාගැනීම සඳහා කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya