දෙරට අතර උපායමාර්ගික වශයෙන් වැදගත් වන කරුනු පිළිබද හා වෘත්තීමය වශයෙන් සන්නද්ධ හමුදා දැනුම ප්‍රවර්ධනය කිරීමෙ අරමුණින් මෙම සාකච්ඡා 2013 වසරේ දී ආරම්භ කර කෙරිණි.
ඉන්දීය හමුදා දූත පිරිසේ ප්‍රධානී ලෙස එයාර් මාර්ෂල් අජිත් එස් බෝන්ස්ලේ මෙම සැසි වාරයට සහභාගි වු අතර බ්‍රිගේඩියර් එස්එල් ජෝසි, ශ්‍රි ලංකාවේ ඉන්දියානු ආරක්ෂක උපදේශක කැප්ටන් ප්‍රකාශ් ගෝපාලන්, වින්ග් ක්මාන්ඩර් ඒඒ කෙල්කාර් සෙසු සමාජිකයින් ලෙස සහභාගි වූහ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් එම්පී පීරිස්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් එස්එස් රණසිංහ, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සීආර් ගුරුසිංහ, ජාතික බුද්ධි සේවා ප්‍රධානී, අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රි ලංකා වෙරළ ආරෂක රියර් අද්මිරාල් ජීඩීඒඑස් විමලතුංග ඇතුළු ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යශයන්හි නියෝජිතයන් සහභාගි වූහ.
දෙරට අතර පවතින දීර්ඝකාලීන ආරක්ෂක සබදතා තවදුරටත් වර්ධනය කර ගැනීමට අමතරව ඉන්දියන් සාගරය තුළ උපායමාර්ගික වැදගත්කම සහ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් බලපානු ලබන නව ආරක්ෂක තර්ජන වන ත්‍රස්තවාදය හා අන්තවාදය පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.