අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක ආර්ථික විද්‍යා හා හෝටල් කළමනාකරණ පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය 21 දා

    ජූලි 18, 2016

    කොළඹ විශ්වවිද්‍යාලීය සංචාරක ආර්ථික විද්‍යා හා හෝටල් කළමනාකරණ පාඨමාලාවේ 2013/2014 සහ 2014/2015  අධ්‍යයන වර්ෂවල විද්‍යාර්ථීන්ට සහතික පත්‍ ප්‍රදානෝත්සවය ලබන 21 වෙනි දින ප.ව. 5.30 ට එම විශ්වවිද්‍යාලීය නව කලාගාරයේදී පැවැත්වේ.


    කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට විශ්වවිද්‍යාලීය ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු සංචාරක කර්මාන්තයේ ප්‍රවීණයෝ රැසක් සහභාගී වීමට නියමිතය.

     


    සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වූවන්ට අවශ්‍ය න්‍යායික, සංකල්පමය හා විශ්ලේෂණාත්මක ප්‍රවීණතාවය ලබා දෙමින්, ඔවුන්ගේ වෘත්තීයමය හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් මෙම පාඨමාලා ආරම්භ කර ඇති බව පාඨමාලා සම්බන්ධීකාරක ආචාර්ය සුරංග සිල්වා මහතා පවසයි.

     

    සංචාරක කර්මාන්තයේ තීරණ ගන්නන්, සැලසුම්කරුවන්, ප්‍රතිපත්ති සම්පාදකයින් හා වෙළඳපල විශ්ලේෂකයින් සහ සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය නව ව්‍යවසායකයින් බිහි කිරීමට මෙමගින් අවකාශ සැලසෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya