අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනයට චීනය කටයුතු කිරීම පැසසිය යුතුයි - රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා

    ජූලි 17, 2016

    ලෝක ආර්ථිකයේ සුවිශේෂී ස්ථානයක් හිමිවන චීනය ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා දායකවීම අගය කළ යුතු බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

    ජාතික යොවුන් සේනාංකය යටතේ ඇති දඹුල්ල  ''ලාහොටේලියර් ” හෝටල් සහ කළමනාකරණ පුහුණු ආයතනයේ චීන භාෂා පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මීට සමගාමිව දඹුල්ල  ''ලාහොටේලියර්” හෝටල් සහ කළමනාකරණ පුහුණු ආයතනයේ පාඨමාලා හදාරන ලද සිසුන් සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් N.V.Q සහතිකපත් ප්‍රදානය කිරීමද සිදු විය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක වූ අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා,

    චීන රජය ශ්‍රී ලංකාවත් සමඟ තිබෙන සබඳතා මෙවැනි වැඩසටහන් මඟින් තව තවත් ශක්තිමත් වෙනවා. අද ලෝකයේ චීන රජයට වගේම චීන භාෂාවටත් ඉතා වැදගත් තැනක් හිමිවෙනවා. චීන භාෂාව සංචාරක ක්ෂේත්‍රය තුළ ඉතා වැදගත් ස්ථානයක් ගන්නවා. මෙරටට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමටත්, සංචාරකයින්ට හොඳ සේවාවක් ලබාදීමටත් භාෂාව ඉගෙනීම තුළින් පහසු වෙනවා.  

    වෘත්තීය ජීවිතය ජයගන්න පුළුවන් විනයකින් යුත් තරුණ පිරිසක් බිහි කිරීම ජනාධිපතිතුමාත්,   අග්‍රාමාත්‍යතුමාත් ප්‍රමුඛ මේ රජයේ මුලික
    අරමුණකි. අග්‍රාමාත්‍යතුමාගේ කැබිනට් අමාත්‍යාංශය වන ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ තරුණ පුහුණු ආයතන ක්‍රියාත්මක කරන්න කටයුතු කර තිබෙන්නේ ඒ නිසා යැයි අමාත්‍යවරයා පැවසී ය.

    මෙහිදී අදහස් දැක් වූ චීන තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ කටයුතු උපදේශක වොන්ග් යින්ග්කි (Wang Yingqi) මහතා,

    ශ්‍රී ලංකාව අපේ අසල්වැසි රටක් ලෙස හැමදාමත් සහයෝගයෙන් කටයුතු කරනවා. මේ රටේ යටිතල පහසුකම් සංවර්ධනයේ සිට විවිධ ක්ෂේත්‍රවල සංවර්ධන කටයුතු සඳහා දායක වෙන්න අපට අවස්ථාව ලැබුණා. ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. චීන තානාපති කාර්යාලය හරහා ඉදිරියටත් මෙරටේ සංවර්ධනයන්ට දායක විය හැකි හැම අවස්ථාවකම චීන රජය සහයෝගය දෙන්න සුදානම් යැයි පැවසී ය.

    මෙම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය කේ.ඒ.එස්. කිරගලල ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් බී.වී.ඩි.පි. අබේනායක ඇතුළු නිලධාරීන් පිරිසක් සහ චීන රජය නියෝජනය කරමින් නියෝජිත පිරිසක්ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya