අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විභාගයට පෙර පාසල්වල ඩෙංගු මර්දනයට පියවර

    ජූලි 16, 2016

    මේ දිනවල ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් බවතින් බැවින් අ.පො.ස. උසස් පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විභාගයට පෙර සියලුම විභාග මධ්‍යස්ථානවල ඩෙංගු රෝගය මර්දනයට අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.


    මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන අගෝස්තු මස 02 වැනි දින සිට අගෝස්තු 27 දින දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,204කදී ද, සහ 5 ශ්‍රේණිය ශීෂ්‍යත්ව විභාගය පැවැත්වෙන් අ‍ගෝස්තු 21 වැනි දින දිවයින් පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 29,59කදී ද විභාග දෙක සඳහා ම අපේක්ෂකයින් 6,50000ක් පමණ පෙනී සිටීමට නියමිතය.


    ඒ අනුව ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාල ද සම්බන්ධ කර ගනිමින් විභාග මධ්‍යස්ථා පිහිටුවා ඇති පාසල්වල විදුලහල්පතිවරුන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමය කටයුතු කළ යුතු බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya