අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ශිල්ප නවෝදා" ගැන දැනුවත් කෙරේ

    ජූලි 16, 2016

    දේශීය කර්මාන්ත, දේශීය නිර්මාණ පිළිබඳ වූ දැනුමෙහි වටිනාකම රජය අවබෝධ කරගෙන සිටින අතර, අනාගත ලෝකය ජය ගැනීමේදී එම දැනුම වඩාත් ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීමට හැකි වටපිටාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් වත්මන් රජය ඇප කැපවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  මහතා පැවසීය.


    එහිදී සංචාරක ක්ෂේත්‍රයේ අවධානය දිනාගත හැකි දේශීය නිර්මාණ ප්‍රවර්ධනය හරහා  රටට එකතු වන විදේශ විනිමය ඉහල නංවා ගැනීමට ද හැකිවන බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.

    යෞවන දෑතින් දේශීය සම්ප්‍රදායන් ආරක්ෂා කිරීම' ‍දැක්ම කරගනිමින් පැවැත්වීමට නියමිත  'ශිල්ප නවෝදා' ජාතික කණිෂ්ඨ හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේද පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


    මෙම වැඩසටහනෙහි පළමු අදියර යටතේ පාසල් සිසුන් සහ ගුරුවරුන් හස්ත කර්මාන්තය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද, දෙවැනි අදියර තුළ හස්ත කර්මාන්ත පුහුණුව සම්බන්ධ පූර්ව සූදානම්කිරීමක් ද, තෙවැනි අදියරේ දී තෝරාගත් හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා මධ්‍යපරිමාණ ත්‍රෛමාසික පුහුණු පාඨමාලා පැවැත්වීම ද, සිදු කරන ලද අතර,  සිවුවැනි අදියර තුළ ‍ජාතික කණිෂ්ඨ හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.

    මෙම වැඩසටහනට එක් දිස්ත්‍රික්කයකින් පාසල් 10ක් බැගින් ආවරණය වන සේ දිස්ත්‍රික්ක 25ක් තුළින් පාසල් 250ක් සම්බන්ධ කරගෙන ඇත.‍

    ජාතික ශිල්ප සභාව සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව සංවිධානය කළ මෙම ජාතික කණිෂ්ට හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය මෙම වසරේ පළමු වරට ආරම්භ වන්නේ දේශීය කලාව ප්‍රවර්ධනය කිරීමෙහිලා පාසල් ප්‍රජාව දායක කරගැනීමේ අරමුණ පෙරදැරි කරගනිමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya